“ ඔබ යනු ඔබේ සිතුවිලිය, ඔබ සිතන දේ ඔබේ ජීවිතයේ යතාර්ථය බවට පත්වේ ”
බෙහෙත් හේත් නවතම ලිපියක් ලඟදීම

හිසකෙස් රැක ගන්න ආහාර වර්ග 10ක්



දිදුලන කෙස් කළඹක හිමිකාරීත්වයකට ඔබ ආහාරයට එක් කර ගත යුතුම ආහාරමය අතිරේකයක් තමයි Omega-3 කියන්නෙ. හිසකෙස් වල දිදුලන බව එනම් දිස්නය වැඩි වී ඝණ කෙස් කළඹක් පවත්වා ගන්න මෙය මහත් උපකාරීවෙයි.Omega-3 ලබා ගන්න පුලුවන් ආකාරයන් අපි දැන් සොයා බලමු.


1) සැමන්,සාඩින්,හා මැකරල් මාළු වල මේවා වැඩි වැඩියෙන් දකින්න පුලුවන්.

මේ කියන Omega-3  අප ශරීරය තුල නිපදවා ගත නොහැකි සංඝටකයක් බැවින්, ඒවා අප ගන්නා ආහාර මගින්ම සපුරාගත යුතුයි.ආහාර මගින් හෝ ආහාරමය අතිරේක මගින් එය සපුරා ගන්න පුලුවන්.මෙහි ඇති තවත් වාසියක් තමයි Omega-3 වලට බෝවන රෝග රැසකින් ආරක්ෂාවක් සපයන්නත් පුලුවන් කමක් ඇති බවයි.

2) වැඩිපුර යෝගට් ආහාරයට ගන්න.
යෝගට් ප්‍රෝටීන වලින් අනූනයි.මෙමගින් හිස් කබලට මෙන්ම කෙස් ගසට මනා රුධිර සැපයුමක් ලබා දෙයි.මෙහිදී මූලික වන්නෙ එහි අඩංගු vitamin B5- pantothenic acid.එමගින් හිසකෙස් තුනී වීම සහ හිසකෙස් ගැලවී යාම බොහෝ දුරට වලක්වාලයි.හිසකෙස් ගල්වන ආලේපන වර්ග බොහොමයක් ඔබ විමසිලිමත් ලෙස බැලුවොත් මේ සංඝකය ඔබටම දැක ගන්නට පුලුවන්. එය ඒ තරම් සුලබ ලෙසම යොදා ගන්නා අමුද්‍රව්‍යයකි.             

3) නිවිති.
තද කොල පැහැ පළා වර්ග ආහාරයට එක් කර ගැනීම ඉතාම සුදුසුයි.ඒ අතරින් නිවිති ප්‍රධාන තැනක් හිමි කරගෙන සිටින බව සතුටින් කියන්න කැමතියි.විටමින් ඒ  Vitamin A,යකඩ,කැරොටින්,ෆෝලේට්,සහ විටමින් සී වලින් එය පරිපූර්ණයි.හිස්කබලේ නිරෝගීමත්භාවයට මේවා බෙහෙවින් උපකාරීවෙයි.හිස කෙස් කැඩීයාම නවතාලීමට මේවා දායකවෙයි.හිසකෙස් වියලි බවෙන්ද ආරක්ෂා කරයි.

4) පේර ආහාරයට එක් කරගන්න.
ඝර්ම කලාපීය පළතුරක් වන පේර විටමින් සී Vitamin C අනූන පළතුරකි. කෙස් කැඩීයාම වලකාලයි.දිනකට අවශ්‍ය Vitamin C ප්‍රමාණය මෙන් හතර ගුණයක් පේර ගෙඩියකින් ඔබට ලබා ගන්න පුලුවන්.ඔබත් අදම පේර ගෙඩියක් දිනපතා ආහාරයට එක්කර ගන්න.


5) යකඩ අඩංගු කර සාදා ඇති ධාන්‍යයමය අතිරේකයන්.

යකඩ ස්වල්පයක් හෝ අඩු වුනොත් එය තදින් හිසකෙස්වල නීරෝගිමත්භාවයට බලපානව.නමුත් යකඩ අඩංගු කර සාදන ලද ධාන්‍යයමය අතිරේක,වෙනත් ධාන්‍ය වර්ග වලින් වගේම,සෝයා බෝංචි, පැස්ටා ආහාරයට එක්කර ගැනීමෙන් ඌනතාව වලකා ගන්න පුලුවන්. හරක් මස් හා අක්මා කොටස යකඩ බහුලව ම මෙන් ම සුලබවම ආහාරයට එක්කර ගන්න පුලුවන්.තද කොළ පැහැති පළා වලද යකඩ බහුලයි.

6) කුකුළ් මස්  
ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන ශරීරයට නොලැබී යනවිට හිසකෙස් හි නිරෝගීභාවද දිනෙන් දින නැතිවී යයි. එහිදී ප්‍රෝටීන ප්‍රභවයන් ලෙස ආහාර වේලට හරක් මස් සහ ඌරු මස් එක්කර නොගෙන කුකුල් මස් ආහාරයට එක් කර ගැනීමෙන් විශාල වාසියක් අත් කර ගන්න පුලුවන් ඒ කුමක්ද යත්,සංතෘප්ත් මේද අම්ල අඩු මට්ටමක් සහිත කුකුල් මස් හිතකර බවයි එමගින් හෘද රෝගද වලකා ගන්නට පුලුවන්.


7) අර්තාපල් ආහාරයට ගැනීම

හිස කෙස් වියලි වෙලා දිදුලන බවක් දකින්නට නැත්නම් ආහායට එක්කර ගත යුතුම තවත් එක් ආහාරයක් තමයි අර්තාපල්.මේවා ප්‍රති ඔක්සිකාරකයක් වන බීටා කැරොටින් වලින් පර්පූර්ණයි.අප ශරීරය තුලදී මේවා විටමින් A බවට පත් වෙනව.එමගින් වියලි බව,මලානික බව නැති කරනව.හිස කෙස් ගස ආශ්‍රිතව පවතින තෙල් නිපදවන ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය වැඩි කරනව.එනම් Sebum නිපදවීම වැඩි කරනව.හිසකෙස් වියෑලීම එයින් නවතනවා.මේ බීටා කැරොටින් තැඹිලි පැහැති එළවලු සහ පළතුරු වල විශාල ලෙස තියෙනව
උදාහරණ විදියට , කැරට්, විශේෂ වට්ටක්කා වර්ග,කැන්ටලූප් හා අඹ කියන්න පුලුවන්.


8) කුරුඳු රුධිර සංසරණය ක්‍රමවත් කරයි.
ඔබ ආහාරයට ගන්නා කුමක් හෝ  සමග කුරුඳු කැබැලි හෝ පවුඩර් ලෙස ආහාරයට එක්කර ගන්නේ නම් වඩා හොඳයි. ඕට්ස් සමග, කෝපි වැනි පානයන් සමග වුවද ගුණ දායකයි.එමගින් හිසකෙස් වලට මනා පෝෂණයක් හා ඔක්සිජන් සැපයුමක් ලබාදෙයි.


9) බිත්තර ආහාරමය අතිරේකයක්.

ඔබගේ දෛනික යකඩ සහ ප්‍රෝටීන අවශ්‍යතාවය   බිත්තර ආහාරයට ගැනීමෙන් සැපිරෙයි.විටමින් B සහ බයොටින් වලින් එවා අනූනයි. හිසකෙස් වර්ධනයට උපකාරීවෙයි.බයොටින් නිරෝගී නියපොතු පවත්වා ගැනීමටත් උපකාරීවෙයි.


10) බෙල්ලන් ආහාරයට එක්කර ගැනීම
Zinc බහුල ආහරයකි.මේ අමුද්‍රව්‍යය නිසි පරිදි ඔබගේ ආහාරයේ නොතිබුනොත්,හිසකෙස් ගැලවීයාමකට ඉඩ තියෙනව.ඇහිබැම පවා ගැලවීයාමට හැකියි.සින්ක් බහුල ආහාර ලෙස හරක් මස්,බෙල්ලන්,කකුළුවන්,හා සින්ක් එක්කර සාදා ඇති ධාන්‍යමය අතිරේකයන් කියන්නට පුලුවන්.



Ringworm.

  රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර.   Ringworm යනු සම , හිස කෙස් සහ නියපොතු වලට බලපාන පොදු   දි ලීර ආසාදනයකි . එය පණුවන් නිසා නොව , ඩර්මැටෝෆයිට් ...