“ ඔබ යනු ඔබේ සිතුවිලිය, ඔබ සිතන දේ ඔබේ ජීවිතයේ යතාර්ථය බවට පත්වේ ”
බෙහෙත් හේත් නවතම ලිපියක් ලඟදීම


මා කියවූ වටිනා පොතක්.මෙහි පරිවර්තන ලිපි පෙළක් මෙතැන් සිට ඉදිරියට බලාපොරොත්තු වන්න. 
good reads ratings:
https://www.goodreads.com/book/show/7363776-99-practical-ways-to-save-on-prescription-drugs

ඇයි බැරි බෙහෙත් වලට යන වියදම් අඩු කර ගන්න?

බෙහෙත් වලට දෛනිකව යන වියදම් පාලනයක් කර ගන්න ඕනද?,එය කල හැකියි,අවශ්‍ය වන්නේ කාලය සහ සුළු කැපකිරිමක් සහ උත්සාහයක්.මේ පොත ලියන්න ඖෂධවේදියෙක්,ඖෂධාලයක වැඩ කරන,තමාගේ සේවාදායකයන්ගේ දස දහස් ගණනින් මුදල් ඉතිර කර දුන්,දැන් ඔහුට අවශ්‍යයි ඔබටත් උදව් කරන්න.මුදල් ඉතුරු කරගන්නා උපාය මාර්ග සරලව ඉගෙන ගන්න.දැනුම සහ ක්‍රමෝපායන් හදාරන්න,ජීවිතයට එකතු කරගන්න.

මේ පොත කරුණු 99 ඉතා සරල ගෙන එයි,

කොහොමද ඔබගේ බිලෙන් 80% දක්වා හෝ නොමිලයේම බෙ‍හෙත් ලබා ගන්නේ,

ඔබගේ මෙඩිකල් කවරේජ් එක ගැන දැන ගෙන රක්ෂණයෙන් කොහොමද මුදල් ලබා ගන්නේ,


ඔබ කොහොමද ඖෂධවේදියා සමග යහපත් සම්බන්ධතාවක් ගොඩ නගා ගන්නේ,ඔහු ගෙන් උදව් උපකාර ලාබා ගන්නේ, මුදල් ඉතුරු කර ගන්නා අයුරු,


ෆාමසියට අදාල භාෂිත වචනයන් දිනපතා භාවිතයට හුරු වීම,ඒ අතරට බෙහෙත් වල විද්‍යාත්මක නාමයන්,පළමුව කල හැකි ප්‍රතිකර්මයන්,හදිසිඅවස්තාවකදී මුහුණ දෙන ආකාරය,සහ ෆමසියේදී කොහොම මුදල් ඉතිරි කර ගැනීමට සකසුරුවම් වන්නේ


අවශ්‍ය දේ පමනක් මිලට ගන්න,අඩු මිලම තෝරා ගන්න,අඩුවෙන් ෆාමසියට පිවිසෙන්න,


අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න,තවත් බොහෝ දේ දැන ගන්න,සරල ක්‍රියා කාරකම් තුලින් මුදල් ඉතිරි කරන්න පටං ගන්න,අනෙක් අය කියන කතා කියවන්න,එකිනෙකාට උදව් කරන්න....










ආර්තව දින ප්‍රමාදයට Primolut N 5mg.



ලොව සුපතල Bayer ආයතනයෙන් ලොවට හඳුන්වා දුන් Primolut N 5mg. ඉහල ප්‍රමිතියකින් හා ගුණාත්මකභාවයකින් යුත්  ඖෂධයකි. මුඛ මාර්ගයෙන් ලබා ගත යුතු පෙත්තකි.මෙහි භාවිතාවන් කිහිපයක් ඇත.ප්‍රධාන ම වශයෙන් කාන්තාවන් ආර්තව දින ප්‍රමාද කර ගැනීමට මෙය ලබා ගනී.මෙහි ඇති වටිනාකමට හේතු වන්නේ ලොව විශිෂ්ට ආයතන නාමයකින් මෙම බෙහෙත වෙළඳපොළ කරා පැමිණිමයි. අපි හොයා බලමු මේ බෙහෙත කොහොමද ලබා ගන්නේ සහ මොනවද අප දැන ගත යුත්තේ කියා.

 Primolut N 5mg.භාවිතා කරන්නේ මොනවාටද?

Primolut N 5mg. යනු ඉහත සඳහන් ලොව සුපතල Bayer ආයතනයෙන් ලොවට හඳුන්වා දුන් සන්නාම නාමයයි.මේ බෙහෙත ආර්තව දින ප්‍රමාද කිරීමට උපයෝගී කරගනු ලබයි.මෙය කිසි සේත්ම උපත් පාලන පෙත්තක් ලෙස ර්‍කයා නොකරන බව මතක තබා ගන්න.මේ බෙහෙතට ගර්භණිභාවය කිසි සේත් නැති කිරීමේ හැකියාවක් නැත.

මෙහි අඩංගු වන්නේ Norethisterone (Progestogen) නමැති කාන්තා හෝමෝනය  මගින් ආර්තවය සිදු වන කාල සීමා වෙනස් කල හැකිය. තවද ආර්තවය ඉතා දිගුවට සිදුවෙන සහ අක්‍රමවත් ආකාරයට සිදු වේ නම්ද මේ බෙහෙත ලබා දෙනු ලබයි.Endometriosis වැනි තත්වයකදී ද මේ බෙහෙත ලබා දෙයි.Pre-menstrual syndrome සහ ඒ හා සම්බන්ධ ලක්ෂණයන් රෝගීන් තුල දක්නට ඇත්නම් මෙය ලබාදෙයි.

ආර්තව සිදුවීමට නියමිත දින පමා කර ගැනීමට මෙය ලබා ගන්නේ කෙසේද?

මේ බෙහෙතට දින 14කින් අාර්තව දින ප්‍රමාද කල හැකියි.නමත් දින 10 සිට 14 දක්වා වෙනස් විය හැක.ආර්තව චක්‍රය මනා ලෙස හැසිරවීම මගින් ඔබට ඔබගේ ජීවිතයේ මුහුණ දෙන හදිසි අවස්ථාවන් වලදී ගැටලුකාරී නොවී සිටීමට ඔබව සූදානම් කරවයි.උදාහරණ ලෙස පවුලේ විශේෂ අවස්තා,ක්‍රීඩා තරඟ ඉසව්,විනෝද චාරිකා හෝ ඔබ විදේශගත වන විටක.

progesterone හෝාමෝන මට්ටම ආර්තවය සිදුවන්නට ලං වත්ම ඉහළ මට්ටමකට ලඟා වෙයි.මේ නිසාම ආර්තවය සිදු වන්නට පටන් ගනී.එමගින් ගර්භාෂයේ බිත්ති ගනකම අඩු කරයි ගැබ් ගැනීමක් සිදු නොවුණ බවට සලකුණක් වශයෙන්.ගැබ් ගැනීමක් සිදු වුවද මේ හෝමෝ්න මට්ටම පහළ යෑමක් සිදු නොවෙයි.මෙමගින් පිළිසිඳ ගැනීමක් සිදු වූ අවස්තාවේ සිට දරුවා ආරක්ෂා කරමින් ගර්භාෂ බිත්ති ඝණ කම්ව පවත්වා ගනී.

Primolut N 5mg යනු Norethisterone වේ.එනම් කෘත්‍රිම progesterone ය.එමගින් ගර්භාෂ බිත්ති නිරෝගීවත් ඝණකම්වත් පවත්වාගෙන යයි.එමගින් සරු නොවූ ඵලය පිටතට යාමට නොදී තබා ගනී.කල් දැමීමක් හෝ නිවැරදි කර ගැනීමට උපකාරී බවක් ලැබෙයි.සැබැවින්ම අධික වේදනා කාරී හෝ අක්‍රමවත් ආර්තවයන් අත් විඳින කාන්තාවන්ට.



විවිධ අවස්තාවන්හිදී Primolut N 5mg  භාවිතයට ගත යුතු ආකාර කිහිපයක්


ගොඩක් දෙනෙක් නිවැරදි ආකාරයට මේ බෙහෙත භාවිතා කරන්න නොදන්නා බවක් පෙනී යයි.පෙති වශයෙන් එන මෙය ජලය සමග පානය කල යුතුයි.ගත යුතු මාත්‍රාව අවස්තාව සහ ස්වභාවය අනුව වෙනස් විය හැකිය.


1. අක්‍රමවත් රුධිර වහනයක් නම් නියමිත මාත්‍රාව වන්නේ පෙති 1  බැගින් දිනකට 3න් වරක් දින 10ක්.

2. ප්‍රාථමික හෝ ද්විතියික තත්වයේ අනාර්තවය (ඔසප් නියමිත දිනට /කාලයට සිදු නොවීම) නියමිත මාත්‍රාව වන්නේ පෙති 1  බැගින් දිනකට 1-2ක්  දින 10ක්.

3.Premenstrual syndrome (PMS) නියමිත මාත්‍රාව වන්නේ පෙති 1  බැගින් දිනකට 3න් වරක් ඩිම්බ මෝචනයෙන් පසු දින.

4.ආර්තවය සිදුවන දින කල් දා ගැනීමට ගර්භණී කාන්තාවන් මෙය ලබා නොගත යුතුයි.  නියමිත මාත්‍රාව වන්නේ පෙති එක බැගින් දිනකට දෙවරක් හෝ තුන්වරක් දින දහයක්  හෝ දාහතර දිනක් වීමට නියමිත ආර්තව දිනයට දින තුනකට පෙර පටන් ගත යුතු බව සිහියේ තබා ගත යුතුය.බෙහෙත නවතා දමා දින 2ක් 3ක් ඇතුලත නැවත ආර්තවය නියමිත පරිදි සිදු වීමට පටන් ගනී.

මතු සම්බන්ධයි







ඇස් කැසීමක්ද?

ඇස් කැසීමක්ද?

ඇයි එහෙම වෙන්නේ සහ කුමක්ද අපට කල හැක්කේ.


ලිව්වේ නුවන් චින්තක.


කැසීම් බොහෝ විට ඉතා සුලුවෙන් පටන් ගෙන කාලයත් සමග ඉතා තදබල ආසාධිත තත්වයක් කරා ම යාමට හැකිය.අක්ෂි රෝග නිවාරණ මධ්‍යස්ථානයක දිනකට පැමිණෙන බොහෝ පිරිසක් මේ රෝගී තත්වයෙන් පීඩා විඳ පිලියම් සොයමින් පෝළිම් වලට වී සිටීම ඉතාම සුලභය.මෙයට එක් ප්‍රධාන හේතුවක් ලෙස අසාත්මිකතා තත්වයන් හඳුනාගත හැක.ඔබත් මෙවැනි රෝගී තත්වයකින් පිඩා විඳිනවාද?

එහෙනම් ඔබ පළමුවකල යුත්තේ,මෑතකදීම ඔබ මිලදී ගෙන පාවිච්චි කරන ර්‍ක්‍රම් වර්ගයක්,සබන් වර්ගයක්,හෝ රූපලාව්‍යයට අදාල ද්‍රව්‍යයක් නිසා දැයි, මේ ආසාධිත තත්වයට මුල වී ඇත්තේ යන්න සොයා බැලීමයි.ඇස් බොහෝවිට මල්පරාග,දුහුවිලි,හා සත්ව ලොම් විශේෂයෙන්ම සුරතලට නිවසේ ඇති කරන බළලුන් හා බල්ලන් නිසා  අසාත්මිකතා තත්ව ඇති කරවයි.මෙවැනි දේවල් වලින් ඔබ ඈත් විය යුතුයි.හැකි සෑම වේලාවකම,පුළුවන් නම් ඇස සේදීම සඳහා සේලයින් වතුර භාවිතා කරන්න.ප්‍රති අසාත්මිකතා පෙති හෝ දියර ආකාර භාවිතා කරන්නත් පුළුවනි.

රෝග ලක්ෂණ පහ ව යන තුරු සිවි කාච හෙවත් Contact lenses පැලඳීමෙන් වැලකී සිටීම බොහොම හොඳයි.

සිවි කාච පැලඳීම ඇස් වල කැසීම් ඇති කිරීමට හේතු වෙයි.යම්කිසි පළුදු වීමක් ඇති අවස්ථාවක හෝ නිවැරදිව පිරිසිදු කිරීම් වලට ලක්නොකර පැලඳීමෙන් මේ තත්වය වඩා බරපතල විය හැකියි.තවද නිවැරදී ප්‍රමාණයේ සිවි කාචයක් නොපැලඳීම තුල තත්වය තත්වය තවත් බරපතලය.නිවැරදී ව ලබා දී ඇති උපදෙස් මත පමණක් කාච පිරිසිදු කිරීමේ ර්‍ක්‍රයාවලිය සිදු කරන්න.

තවත් කරුණක් ලෙස Dry eye syndrome හැඳින්විය හැකියි.මෙයට හේතු වන්නේ ප්‍රමාණවත් තරම් ලිහිසි කාරකයන් ඇස තුල ස්වාභාවිකව නිපද නොවීමයි.මේ සඳහා හේතු කිහිපයක් කියන්න පුලුවන්, වයසට යාමත් සමග ඇතිවන තත්වයන්,ලේසර් කිරණ මගින් සිදු කරන ශල්‍යකර්මයන් හේතුවෙන් සිදුවන යම්කිසි සංකූලතාවයන්,හෝ ඔබ ගන්නා සමහර බෙහෙත් වර්ගයන් නිසා උදාහරණ (Decongestones,Antidepressants) දුම්පානය,ඇසිපිය නොගසා බොහෝ වේලාවක් සිටීමත්,වියලි පරිසරික තත්වයන් තුල සිටීමත් දැක්විය  හැකියි.සේලයින් වතුර,කෘත්‍රීම කඳුලු ලිහිසි කාරක(Lubricants) ආදී,අපහසුතා මැඩ ගැනීමට භාවිතා කල හැකියි.

මීට අමතරවත් යම් කිසි අපහසුතාවයන් පවතී නම් සමහර විට ඇසෙන් දියර වැනි යමක් ගැලීමක්,උගුරේ යම් කිසි ආසාධිත තත්වයක්,දැඩි වේදනාවක්,පෙනීමේ අපහසුතාවයක්,ඔබට වෛද්‍යය උපදෙස් පැතිය යුතු අවස්ථාවකි.ඇස් රතු වීම පිලිබඳ,කැසීමක්,දියර ගැලීමක් සමහර විට අප හිතනවාට වඩා විමසිලිමත් විය යුතු දෙයක් බවයි.


Ringworm.

  රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර.   Ringworm යනු සම , හිස කෙස් සහ නියපොතු වලට බලපාන පොදු   දි ලීර ආසාදනයකි . එය පණුවන් නිසා නොව , ඩර්මැටෝෆයිට් ...