“ ඔබ යනු ඔබේ සිතුවිලිය, ඔබ සිතන දේ ඔබේ ජීවිතයේ යතාර්ථය බවට පත්වේ ”
බෙහෙත් හේත් නවතම ලිපියක් ලඟදීම

ආතතිය ඔබව රෝගී කරවයි.

ආතතිය ඔබව රෝගී කරවන කරුණු හතක් මම කියන්නම්.
1.) අසාමාන්‍ය ලෙස බර අඩු වීම.
ආතති තත්වයකදී සිරුරේ හෝමෝන මට්ටම් වෙනස් වෙයි.එමගින් කෝටිසෝල් හෝමෝනය නිදහස් වීමක් සිදුවෙයි.එයින් සිරුරේ තැන්පත් මේදය පරිවෘත්තිය වෙනස්කිරිමකට භාජනය කරයි. මේදය පමනක් නොවෙයි, ප්‍රෝටීන කාර්බෝහයිඩ්‍රේටද අයිතිවෙයි.ආතතිය නිසාම කෙනෙකු ගේ ආහාර ගැනීමේ වෙනස් කම් සිදු වෙයි,ඒ වඩා වැඩි ආහාර ප්‍රමානයක් ගැනීම හෝ පමනට වඩා අඩුවෙන් ආහාර ගැනීමක් ලෙස.
කල හැක්කේ කුමක්ද?
පුරුද්දක් ලෙස, ප්‍රෝටීන බහුල ඇට වර්ග ආහාරයට ගැනීම හොඳ පුරුද්දක් ,ආහාර අඩුවෙන් ගත් කෙනෙකු ට.පමනට වඩා අහාර ගන්නා කෙනෙකුට නම් ඒ මගින් හොඳ fibre ප්‍රමානයකුත් සිරුරට ලැබෙයි.
2.) කුෂ්ට රෝග හිටි හැටියේ සෑදීම .
ඔබ නිරන්තරයෙන්ම ආතතියෙන් පසුවන කෙනෙකු,නම් සිරුරේ නිරතුරුවම හිසටැමින් ස්‍රාවය දකින්නට පුලුවනි,එයින්ම සම මතුපිට කුෂ්ට දද වැනිදේ හට ගැනීමට විශාල ඉඩ කඩක් ඇත.ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තාවකාලිකව අඩාලවීමක් ආතතිය මගින් සිදුකරයි .සම මත දැවිලි ගති,ආසාදන තත්වයක් දක්වා යෑමට ඉඩකඩක් තිබෙයි.එය සමේ සංවේදීතාවය පවා නැති කරදැමීමටපසුබට නොවෙයි.
කල හැක්කේ කුමක්ද?
ශීත වතුරෙන් පොඟවන ලද පිරිසිදු තුවායකින් වසා තබන්න.නැතිනම් ප්‍රති අසාත්මිකතා පෙති භාවිතා කරන්න.
3.) මානසික ව්‍යාකූලත්වයට පත්වීම.
අති විශාල කෝටිසෝල් ප්‍රමාණයක් නිදහස් වීම තුල මානසික ඒකාග්‍රතාවයට දැඩි ලෙස හානිකරයි.මානසික සමතුලිතතාවය ද බිඳ දමයි.මතකය පිලිබඳ ප්‍රශ්න ඇති කරයි.කේන්ති යාම..භින්නෝන්මාදය දක්වා ම මෙය ගමන් කල හැකිය.
4.) හිසේ කැක්කුම .
ආතතියට ලක් වූ ඔබ තුල ශරීරයේ මාංශපේෂි තද වීමකට ලක් වීම බොහොම සුලභ ලක්ෂණයක්.එම නිසාම හිසරදයක් ඇති වීම ස්වභාවිකයි. ඉරුවාරදයට හැරීමටද ඉඩ කඩක් තිබෙයි.ආතතිය මේ සියල්ල ඉහල දමනවා නිසැකය.
කල හැක්කේ කුමක්ද?
වේදනා නාශක ගැනීමේ අකමැත්තක් තිබේ නම්,ලැවැනඩර් හෝ පෙපර්මින්ට් තෙල් ආරම්භයේදීම නළල මත දමා සම්භාහනය කරන්න.
5.) ආමශගත තුවාල.
ආතතියට පුලුවන් ඔබගේ ආමාශගත අම්ල ප්‍රමානාත්මකව වැඩි කරන්න.එය බඩ-පපුව දැවීමක් දක්වා වැඩි විය හැකිය.එමගින් ආමාශය හිස් වන කාලයද වඩා පසුගාමී කරවයි.මේ හේතු නිසා ජීර්ණ  ක්‍රියාවලියෙදී නිපදවෙන වායු හා අතුරුපල බඩවැල්තුල පසුවන කාලසීමාවද වැඩි කරයි.එමගින් cramps, හා බඩබුරුලට යාම වැනි විවිධ සංකූලතා ඇති විය හැකියි.
කල හැක්කේ කුමක්ද?
ප්‍රතිඅම්ලකාරක පෙති දෙකක් ගැනීම...හෝ ඉඟුරු අඩංගු තේ පානය කිරිම.
6.) හිස කෙස් සැලී යාම.
ආතතිය ඍජුවම හිසකෙස් සැලීයාමට බලපායි.ආතතිය මත ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙයි,එයම හිසකෙස් සැලීමට හේතු කාරනාවක් වෙයි.
කල හැක්කේ කුමක්ද?
ඉවසන්න.ආතතිය පාලනය කරගෙන සාමාන්‍ය තත්වයට පැමිණි විගසම හිසකෙස් වැවීම පෙර පරිදි සිදුවීමට පටන් ගනීවි.
7.) සෙම්ප්‍රතිශ්‍යාව
ආතතිය මගින් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පහලට දමයි.එමගින් සිදුවන්නේ විෂ බීජයන්ට එරෙහිව ශරීරය සටන් කිරීම දැඩි අපහසුතාවයකට ලක්වීමයි.නවතම ගවේෂණයකින් සොයාගෙන ඇත්තේ ආතතියකින් පසුවන පුද්ගලයන් ඉතා පහසුවෙන් උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව ට ගොදුරු වන බවයි.
කල හැක්කේ කුමක්ද?
දැක්වෙන ආකාරයට,පලමු පැය 24 තුල ලොසිංජයක් (උගුර ආසාදනයට පිලියෙල කර ඇති), හෝ Zn අඩංගු විටමිනයක් භාවිතා කිරීමෙන් බොහෝ දුරට ප්‍රතිඵල ලබා දෙනබවයි. තවද ආතතියෙන් මීදීමට ,භාවනා ක්‍රම, නිසි ආහාර(සෞඛ්‍ය සම්පන්න),දිනපතා ව්‍යායාමයන්හි යෙදීම,නිසි පරිදි නින්දක් ලබාගැනීමද සඳහන් වෙයි.මන්ද, මේ සියල්ල මගින් ඔබගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහල යන බැවිනි.

Ringworm.

  රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර.   Ringworm යනු සම , හිස කෙස් සහ නියපොතු වලට බලපාන පොදු   දි ලීර ආසාදනයකි . එය පණුවන් නිසා නොව , ඩර්මැටෝෆයිට් ...