“ ඔබ යනු ඔබේ සිතුවිලිය, ඔබ සිතන දේ ඔබේ ජීවිතයේ යතාර්ථය බවට පත්වේ ”
බෙහෙත් හේත් නවතම ලිපියක් ලඟදීම

Psoriasis (සොරයිසිස්) ගැන කරුණු 6ක්.




රෝගී තත්වයන් අවම මට්ටමක පවත්වා ගැනීමකට……

ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ශරීරයට  වැරදි විදියකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම රෝගී තත්වය ඇතිවන බව කිව හැකිය.
 අප ශරිරය තුල ඇති සුදු රුධිරාණු සෛල මගින් අප ශරීරයේම නිරෝගී සෛල විශේෂයෙන් ම සම මත ඇති සෛල ගොනු වෙත‍ එල්ල කරන ප්‍රහාරයක් ලෙස සැලකිය හැකිය.සැලකිය යුතුයි මෙම රෝගී තත්වය පුද්ගලයකුගේ  පුද්ගලික පවිත්‍රතාවයේ අඩු පාඩු වක් නිසා සුදුවන්නක් නොවන බව.එසේම Psoriasis බෝ නොවන රෝගයක් ද වන බව.ස්පර්ශයෙන් මෙය ආසාදනය වන්නක් නොවන බව.

සමහර බාහිර සාධකයන් ඔස්සේ මේ රෝගී භාවය උත්සන්න කර විය හැකිය.. ඒ කරුණු අතර මේවා ප්‍රමුඛත්වයක් ගනී.
  1. මානසික ආතතිය.
  2. කල් පවතින තුවාල ආසාදිත තත්වයන්.
  3. බොහෝ කලක සිට මධ්‍යසාර පානයට නතුව සිටීම.
  4. දුම් පානය.
  5. ආර්තවහරණය.
  6. සමහර ඖෂධ වර්ග ගැනීම.
Psoriasis නම් රෝගී තත්වය වර්ග කිහිපාකාරයක් දැක ගැනීමට හැකිය. බොහෝ විට දක්නට ඇත්තේ දණහිස් මත ඇතිවන කොරොස් සහිත පැහැයෙන් රත් පැහැ ගත් පැල්ලම් ය. තවද මේවා වැළමිට,ගෙල පෙදෙස් වලද සුලභව දැක ගත හැකිවනු ඇත.
ඇඟිලි,හිස් කබළ,ලිංගාශ්‍රිතවද පැතිර යා හැකිය.මේ රෝගී තත්වයට නිට්ටාවට සුව කල හැකි රෝගයක්නොවේ.නමුත් ප්‍රතිකර්ම ක්‍රම කිහිපයක් මගින් බොහෝ දුරකට හෝ සහ මුලින්ම රෝග ලක්ෂණ සුවපත්කි රීමක් සිදු කර ගත හැකිය.Ixekizumab දැනට සොයාගෙන ඇති ඉදිරියෙන්ම සිටිනා 90% කට වඩා ප්‍රතිඵල පෙන්වා ඇති ඖෂධයයි.



Ringworm.

  රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර.   Ringworm යනු සම , හිස කෙස් සහ නියපොතු වලට බලපාන පොදු   දි ලීර ආසාදනයකි . එය පණුවන් නිසා නොව , ඩර්මැටෝෆයිට් ...