“ ඔබ යනු ඔබේ සිතුවිලිය, ඔබ සිතන දේ ඔබේ ජීවිතයේ යතාර්ථය බවට පත්වේ ”
බෙහෙත් හේත් නවතම ලිපියක් ලඟදීම

කක්කල් කැස්ස ගැන යමක්. (Whooping Cough)

කක්කල් කැස්ස යනු දැනට දරුණු ගණයට වැටෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයකි. රෝගය පතුරවන්නේ bordetella pertussis නම් බැක්ටීරියාවයි. නමුත් වැඩිහිටි පුද්ගලයන් සඳහා මාරාන්තික තත්වයක් දක්නට නොමැති බවක් පෙන්වයි.මේ රෝගයේ රෝග වාහකයන් වන්නේ බොහෝදුරට වැඩිහිටි පිරිසය.මේ නිසාවෙන්ම කුඩා දරුවන් රෝගයට පාත්‍ර විමට මෙය බලපා තිබේ.බැක්ටීරියාවට එරෙහිව ප්‍රතිශක්තිය ඉහළ දැමීම තුලින් රෝගය පැතිර යෑමට තිබෙන ඉඩකඩ අහුරා දැමීමට පුලුවනි.

කොහොමද මෙය බෝ වන්නේ?…

ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ කැස්ස සහ කිඹුහුම් වායු ගෝලයට පිට කිරීම මගිනි.බැක්ටීරියාව ශරීරගත වී දින 7-10 පමණ ගත වූ පසු රෝග ලක්ෂණ දැක ගැනීමට පුළුවනි.එය ප්‍රධාන වශයෙන් කැස්ස ලෙසය.තවද,සොටු දියර ගැලීම,උගුර ප්‍රදාහයට ලක්වීමත් පවතී.මූලික වශයෙන් ඇති වන රෝග ලක්ෂණ බෝහෝ විට සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙස වරදවා තේරුම් ගැනීමට හැකිය.මේ හේතුව නිසාම බොහෝ වැඩිහිටියන් තමන් මේ රෝගයට පත් වී ඇති බවක් නොදන්නා බවක් ද සිදුවේ.

මෙය මාරාන්තික ද?…

2008 ලෝක සෞඛ්‍යය සංවිධානයේ දත්තයන්ට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් තුල,195,000 කට වඩා දරුවන් ප්‍රමාණයක් වසරකට මිය යන බව කියයි.සංවර්ධිත රටවල් වලද කුඩා දරුවන් වැඩියෙන් ගොදුරු වන බවක් පෙනේ.දියුණු රටවල් වල ලබාදෙන ප්‍රතිකර්ම වලට අනුව නම් 84%ක රෝග නිවාරණ ආරක්ෂාවක් තහවුරු කර ගැනීමට හැකියාවක් බෙහෙත් මාත්‍රා 3ක් ලබා දීමෙන්ම සැලසී  ඇත.ඒ අතරට booster doses ද ඇතුලත් කොට ඇති බව පවසයි.නමුත් එයට ඇති ප්‍රතිශක්තිමය හැකියාව කාලයත් සමග අඩු වන බවත්, එනම්අවම ලෙස වසර දහයකට වරක් වත්  නැවත නික්ෂේපණය කර ගැනීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Codeine Phosphate – කෝඩේන්

2015-08-10_174111 
  • මොකක්ද මේ?
වෛද්‍ය නිර්දේශ මත රෝගීන්ට ලබා දෙන ඖෂධයකි,වේදනා නාශකයකි.සාමාන්‍ය මට්ටමේ සිට මධ්‍යම මට්ටමේ වේදනා දක්වා පමණක් සමනය කිරීමේ හැකියාවක් දරයි.කැස්ස අඩු කිරීමේ හැකියාවකින්ද මෙය පොහොසත්ය.වෙනයම් ඖෂධ සමග මෙය ලබා දීමේ හැකියාවක් එනම් සංයෝග ආකාරයට නිශ්පාදනය වන බෙහෙත් අතර දැකිය හැකිය.
  • ව්‍යවහාරයේ යෙදෙන නම් මොනවාද?
T3s, AC/DC, Coties
  • කෝඩේන් ලබා ගත හැකි ආකාර කවරේද?
පෙති , කරල්, දියර (Syrup)  යන ආකාරයන්ට.                                              
codeine linctus-500x500codeine-detox

  • පාවිච්චි කල යුතු පිළිවෙල?
ගිල දැමීම මගින් මුඛ මාර්ගයෙන් ලබා දිය හැකියි.
  • මෙම ඖෂධය නිරන්තර භාවිතයේ භයානක බවක් තිබේද? 
codeine_addiction_939_x
ඔව්,නිතර නිතර ඇබ්බැහි වීමකට ලක් වුවහොත් එයින් අතුරු විපාක රැසක් අත් විය හැකියි.ඒ අතර ප්‍රධාන වශයෙන් හුස්ම ගැනීමේ අපහසුතා,ගිලීමේ අපහසුතා,ප්‍රධානයි.පළු දැමීමක්,කැසීමක්,පෙනීමේ යම් යම් වෙනස්කම්,වලිප්පුව,හෘදයේ ස්පන්ධන වේගයේ වැඩිවීමක් වැනි දේ බලාපොරොත්තු විය හැකියි.
  • ප්‍රධාන වශයෙන් ඇබ්බැහි වූවෙකු තුලින් දැකිය හැකි රෝග ලක්ෂණයන් මොනවාද?
ඔක්කාර ගතිය,මළ බද්ධය,මානසික අසංතුලිත භාවය,ශ්වසන නාල වල සිදුවන අවහිරතාවයන් මත සිදුවන හුස්ම ගැනීමේ අපහසුතාවයන්,හුස්මගත නොහැකිම තත්වයන්,සිහිකල්පනාව අඩු වීම,ඉයුපෝරියා හෙවත් සතුට දනවන සිතුවිලි පහළ වීම.නිනද්‍රාශීලී බව ,මානසික ඒකාග්‍රතාවය ගිලිහී යාම, ඇසේ කළු ඉංගිරියාවේ කුඩා වීම,භෞතික ක්‍රියාකාරකම් වල සිදුවිය හැකි වෙනස්කම්,ආහාර රුචි අරුචි භාවයේ වෙනස්කම් ප්‍රධාන ලෙසම කිව හැකියි.





අයිස් ද? උණුසුම් තාපය ද?

සුද්දා

උතුරු බි‍්‍රතාන්‍යයේ ආදි මිනිසුන්,
පුරාණ යුරෝපීයයන්ගෙන් පැවතෙන්නා වූ මිනිසුන්
සුලුරේනියානුවන් පමණට ගෙන
රෝමානුවන් සමග එකට තබන්න.

පසුව අඩුම ගානේ වසර හාරසියයකටවත් පසු
එයින් රෝමානුවන් ඉවත් කොට ප්‍රංශ නෝමන්වරුන් ජර්මන් සහ ස්කැන්ඩිනේවියානුවන් සමග පමණට වඩා මුසු කොට තදින් හැඳිගාන්න.

දැන් සැර චිලී වැසියන්,කූල් ජැමෙයිකානුවන් සමග බටහිර ඉන්දියානුවන් ගෙන හොඳට මිශ්‍ර කරගන්න.

ට්‍රිනිඩැඩ් හි පුරාණ වැසියන්,ඉතියෝපියානු ආදි වැසියන් සහ චීන්නුන්, වියට්නාම වැසියන්, සූඩානුවන්ට ද එලෙසටම.

සෝමාලියානුවන්,ශ්‍රී ලාංකිකයන්,නයිජීරියානුවන්,පාකිස්ථානුවන් ද එකට ගෙන කුඩු කර ගයනාවේ වැසියන්ද එයටම එක් කොට හොඳින් රත් වෙන්නට ඉඩ හරින්න.

ඉන්දියානුවන්,මැලේසියානුවන්,බොස්නියානුවන්,ඉරාක වැසියන්,බංගලාදේශ වැසියන්,ඇෆ්ගන්,ස්පැනිෂ්,තුර්කි,කුර්දි,ජපන්,
පලස්තීනුවන් ද එකට දමා දියවෙන තෙක් රත් කර ගන්න.

දැන් මිශ්‍රණය හොඳින් නටන තෙක් රත් කර ගත් පසු
ඒ සියලු මිශ්‍රණයන් සුද්දන් සමග දමා හොඳින් මිශ්‍ර කර ගන්න.

අවසන් මිශ්‍රණය හොඳින් නිවෙන්නට ඉඩ හරින්න.

දැන් එයට එකමුතුකම,ජාතින් අතර අන්‍යේන්‍ය අවබෝධය,ගෞරවය,සාධාරණත්වය එකතු කරමින් හොඳින් විනෝද වන්න.

සැ,.යු- සෑදීමට ගන්නා සියලුම අමු ද්‍රවය එක හා සමානව අවශ්‍යයි.එකක් පරයා තව එකක් වැඩි වුව හොත් රසයේ ලොකු වෙනසක් විය හැක.

කලකට පසු නැවත ඔබ වෙත ලියමි.



..."දිගු නිහැඩීයාවක් රැකිම කල යුතුව තිබුණේ මා ද ඖෂධවේදය පිලිබඳ විභාගය සඳහා සූදානම් වෙමින් සිටි බැවිනි.දැන් සියල්ල අහවර වී ඇත.පුරා වසර හතරක කාලයක් ඒ වෙනුවෙන් පෙරුම් පිරූ මට අවසන් ඉලක්කය කරා ගමන් කොට විභාගය සමත් වී අද දින වරලත් ඖෂධවේදියකු ලෙස පුංචි දිවයිනට සේවය කරමින් සිටිමි…”
අද දින මා පුද්ගලික අංශයේ පිලිගත් ආයතනයක වරලත් ඖෂධවේදියකු ලෙස සේවයේ යෙදෙන්නේ ඉමහත් සතුටකිනි.
විෂයානුබද්ධ ලිපි පෙළක් මෙතෙක් ඔබ වෙත ගෙන ආ මම එහි ඉදිරි ගමන් මග තරමක් වෙනස් මගකට යොමු කර වීමට බලාපොරොත්තු වෙමි.
න්‍යායික කරුණු සහ විෂයානුබද්ධ කරුණු ප්‍රතිශතාත්මකව අඩු කර සරල මගක් වෙත යමින් වඩ වඩාත් සරල එහෙත් ප්‍රායෝගික මූලධර්ම මත පදනම් වූ එදිනෙදා ජන ජීවිතය ස්පර්ශ වන්නා වූ නැවුම් ලිපි පෙලකින් හැඩ ගන්වමින් යෙදෙන්නා වූ සංවාදයන් මෙයින් ඔබ වෙත ලඟා වනු ඇත.

ස්තුතියි..
ඊ.ඒ.එන්.චින්තක.

Ringworm.

  රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර.   Ringworm යනු සම , හිස කෙස් සහ නියපොතු වලට බලපාන පොදු   දි ලීර ආසාදනයකි . එය පණුවන් නිසා නොව , ඩර්මැටෝෆයිට් ...