Tuesday, May 14, 2013

Clinical Trial යනු කවරක්ද?

teaser_education_clinical-trials පූර්ව සායනික භාවිත පර්යේෂණය Clinical trial බෙහෙවින්ම වැදගත් වන පර්යේෂණ පෙළක් බව සඳහන් කල යුතුයි.අප විසින් භාවිතයට ගෙන ඇති ඕනෑම ආකාරයක බෙහෙතක් උපකරණයක් Clinical trial සමත්කම් දක්වා වෙළඳ පොළ ආක්‍රමණය කර ඇති බව පිලිගත යුතුය.වෛද්‍ය රසායනාගාර තුල විවිධාකාර රසායනිකයන් උපයෝගී කරගනිමින් විවිධාකාර තත්වයන් යටතේ මෙලොව එළිය දකින් සෑම බෙහෙතක් ම උපකරණයක්ම සායනික පර්යේෂණ පෙලකට මුහුණ දීමට සුදානම් වනු ඇත.එය ජාත්‍යන්තර ප්‍රමිතිකරණයකින් යුක්ත වන අතර එය සියළුම රටවල් විසින් පිළිපැදිය යුතුද වනු ඇත.මෙවන් පර්යේෂණ මාලාවක් සිදුකිරීම තුලින් බෙහෙතක තත්වය ගුණාත්මක භාවය,ආරක්ෂාව,කාර්යක්ෂමතාවය,අතුරු ආබාධ.වැනි කාරණා ගැන ගැඹුරින් සොයා බලයි.

 
Clinical trial එකක් ප්‍රධාන කොටස් 4කින් යුක්තයි.One-Scientist-640x426


  • Phase I පළමු අදියර
  • Phase II දෙවන අදියර
  • Phase III තුන්වන අදියර
  • Phase IV සිව්වන අදියර
අදියර 4කට බෙදා දැක්විය හැකි clinical trial එකක අදියරෙන් අදියර දැන් අපි කෙටියෙන් සොයා දැන ගනිමු.

Phase I පළමු අදියර

පළමු අදියර ඉතා කුඩා ඒකකයක් යොදා ගනිමින් එනම් නිරෝගි පුද්ගලයන්  ස්වකැමැත්තෙන් ඉදිරිපත් වන රෝගීන් යොදා ප්‍රමාණාත්මකව නම් 20-50ත් අතර පුද්ගලයින් සංඛ්‍යාවක් යොදා ගනිමින් සිදු කරගෙන යනු ලබයි.මූලික වශයෙන් මෙහිදී පහත දැක්වෙන සාධකයන් ගැන ගැඹුරින් පර්යේෂණ සිදු කෙරෙනු ලබයි.එනම් බෙහෙතක,
  • භෞතික තත්වය
  • ආරක්ෂක තත්වයන්
  • බෙහෙතෙහි කාර්යක්ෂමතාවය
  • වාණිජමය වටිනාකම

මෙම අදියරය Human pharmacology යන නමින්ද හඳුන්වනු ලබයි. යොදාගනු ලබන රෝගීන් නම් එම  බෙහෙතට අදාලව පමණක් යොදා ගන්නා බව සැලකිය යුතුයි.
patient_in_hospital_bed_42-17982462තවත් වැදගත් තොරතුරු රැසක් සොයාගත හැකි Pharmacokinetic බෙහෙත් සම්බන්ධව සොයා බලනු ලබයි.එහිදි බෙහෙතක පහත කරුණු අනාවරණය කර ගතහැකි බව කිව හැකියි.
01. බෙහෙතෙහි අවශෝෂණය
02. බෙහෙතෙහි විසරණය
03. බෙහෙතෙහි පර්වෘත්තිය
04. බෙහෙත ශරීරයෙන් ඉවත්වන ආකාරය





Monday, May 13, 2013

Placebo Medicines ගැන දන්නේ මොනවද?

http://behethheeth.blogspot.com/

කිසිඳු ආකාරයක හෝ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරීත්වයක් දක්නට නොලැබෙන නමුත්  ප්‍රතිකර්ම ක්‍රියාවලියේදී යොදා ගනු ලබන කිසියම් වූ ද්‍රව්‍යයක් වේ නම් එය මේ නමින් හඳුන්වමු. මෙම ද්‍රව්‍ය බොහෝවිට වාහකයක් ලෙස ප්‍රතිකර්ම සඳහා යොදා ගන්නේ එමගින් පුදුම සහගත ලෙස කිසිවකුගේ රෝගී තත්වයක් පහ කළ හැකි ලක්ෂණය නිසයි.නමුත් මෙම ප්‍රතිකර්මය තාවකාලික යොදා ගැනීමක් බව සිහියට ගත යුතුය.

http://behethheeth.blogspot.com/

ලොව පුරා විශාල සංඛ්‍යාවක් වන භෞත චිකිත්සකවරු,මානසික රෝග විශේෂඥවරු,ශල්‍ය වෛද්‍යවරු රෝගීන්ගේ රෝගී තත්වයන් පාලනය සඳහා උපයෝගී කොට ගනී. නිවැරදි ආකාරයට මෙවැනි දෑ භාවිතය පිලිබඳ මනා දැනුමක් වෛද්‍යවරයා සතුය.එහි සාර්ථකභාවය හෝ අසාර්ථකභාවය ඹහුගේ දැනුම මූලික කොට ගෙන සිදුවන්නකි.සමහර විටෙක Placebo භාවිතය කිසියම් රෝගී ලක්ෂණයක් පාලනය කිරිම සදාකාලිකවම නවතා දැමීමට තරම් විය හැකිය.

Placebo Reactors යනු කවරෙකුද?

මොවුන් තනි පුදගලයන් ලෙස හැඳින්විය හැකියි. බොහෝ විට මොවුනට ලබා දෙන Placebo සඳහා කායික හා මානසික ව මොවුන් සැම විටම ප්‍රතිචාරයක් දක්වයි.බෙහෝ විට වෛද්‍යවරුන් නොමග යවන්නාවූ පිරිසක් ලෙස සලකයි.

Negetive Reactors යනු කව්රුන්ද?

යම් හෙයකින් මොවුනට ලබා දෙන Placebo වලින් දීර්ඝ කාලිනව අත්වන අතුරු ආබාධයන් ගෙන් පෙලෙන්නාවූ පිරිස මේ නමින් හඳුන්වයි.වාසනාවකට මෙන් එවැනි පිරිස සමාජය තුල දක්නට ලැබෙන්නේ ඉතා අතොලොස්සකි.

කායික රෝගින්ගෙන් 35%ක් පමණ Placebo සඳහා ප්‍රතිචාර දක්වන බවක් පෙන්වයි.40%ක් පමණ වූ කිසියම් හෝ මානසික ආබාධයකින් පෙලෙන රෝගින්ද Placebo  සඳහා ප්‍රතිචාර දක්වන බවක් පෙන්වයි.Placebo  ලබා දීමෙන් කිසියම් රෝගියකු ලබා දෙන්නා වූ ප්‍රතිචාරයන්ද ඒකාකාර නොවන බව කිවයුතුයි. එනම් කිසියම් රෝගියකුට කිසියම් මොහොතක ලබාදුන් Placebo  එකක් එම රෝගියාටම වෙනයම් මොහොතක ලබා දීම තුලින් එම රෝගියාම ලබා දෙන්නාවූ ප්‍රතිචාරය වෙනස් ආකාරයක් විය හැකියි.

වෛද්‍ය ශිෂ්‍ය පිරිසක් විසින් මෑතකදී සිදු කරන ලද පරීක්ෂණයකින් එළි වී ඇත්තේ කිසියම් වූ මානසික තත්වයන් අනුව placebo ගණයේ බෙහෙත් වලට ප්‍රතිචාර දැක්වූවන් අතර මෙවන් ප්‍රෙභ්දයක් දැක්වීමට හැකි බවය. ඔවුන් නම් ,

සමාජශීලි බවින් අඩු පුද්ගලයන්

ආත්ම විශ්වාසය අඩු පුද්ගලයන්

තම ගැන අධි තක්සේරුවෙන් සිතනා පුද්ගලයන්

තම ශරීරයේ ක්‍රියාකාරකම් (අභ්‍යන්තර) පිළිබඳ සිතමින් සිටින්නන්  සිටින බවයි.

 

කොටින්ම මෙය පුදුම සහගත කරුණු රැසක් හෙලි කරගත හැකි වුණු පරීක්ෂණයක් වූ බව ඔවුන් පවසයි. සියලු දෙනාම දැනගත යුතු කරණක් නම් , ඹබ විසින් භාවිතා කරණු ලබන බෙහෙත් වර්ග සහ ඔබගේ සිතුවිලි වල ස්වභාවය අතර ඇත්තේ ප්‍රබල වූ සම්බන්ධයක් බවයි.ඒ සම්බන්ධතාවය කොතෙක් ප්‍රබලද යත් ඔබ ගන්නා බෙහෙතේ ක්‍රයිකාරීත්වයට මෙන්ම එයින් ලබාදෙන ප්‍රතිඵලය කෙරෙහි ඍජුවම බලපෑම් එල්ල කිරීමට හැකියාවක් එයින් සිදු කල හැකි වීමයි.

ඔබ විසින් භාවිතයට ගනු ලබන බෙහෙත් පිලිබඳ ඔබ තබන විශ්වාසය , ඒ පිලිබඳ ඔබ දක්වන මතය, උද්යෝගය මත ඔබ ප්‍රතිඵල ලබන බව අවසන් නිගමනයයි.

Monday, September 17, 2012

පළමු ලිපිය!


දිගු නිහැඩියාවකට පසු නැවතත් බෙහෙත් හේත් ඔබට සමීප වන මොහොත මේ වෙයි!

image
Dr.Dean Metcalfe මහතා ඇමරිකාවේ අසාත්මිකතා රෝග සම්බන්ධ පර්යේෂණ පවත්වන Laboratory of Allergic Diseases හි ප්‍රධානියා ලෙස කටයුතු කරයි. මෙම ආයතනය National Institute of Allergy and Infectious Diseases (NIAID) ආයතනය යටතේ පවතින ප්‍රධානම ගණයේ පර්යේෂණාගාරයකි.මෙතුමා Mast Cell Biology එනම් කුඹ සෛල ජීව විද්‍යා අංශයේද අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව පිලිබඳ පුහුණු කරවන වැඩසටහනේ ද සහකාර අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරමින් සිටියි. තවද Mast cell හෙවත් කුඹ සෛල ජීව විද්‍යාව හා සම්බන්ධව (විශේෂයෙන්ම අසාත්මිකතා ඇති කරවන) විශේෂඥ දැනුමකින්ද හෙබි පුද්ගලයෙකි.ඔහු විසින් NIH Medline Plus සඟරාව සමග කරන ලද සාක්ච්චාවක පරිවර්තනයක් මෙසේ ඔබ වෙත ගෙන එමි.

01) ඔබ කරමින් සිටින පර්යේෂණයන්,ගවේෂණයන් මොනවාද ? සහ ඒවා වැදගත් වන්නේ ඇයි?

ඇත්තෙන්ම සායනික ගවේෂකයන් විදියට අපි තෝරා ගන්නවා විශේෂ රෝගාභාද තත්වයන් සහ විශේෂිත අවස්ථාවන්,අපගේ අධ්‍යනයන් හා කළමණාකරණයන් සඳහා. උදාහරණ ලෙස අදුම නම් රෝගී තත්වයේ උග්‍ර අවස්තාවක්, හා අසාත්මිකතාවන් ප්‍රධාන වශයෙන් කියන්න පුලුවන්.මා ගේ විෂය ගත්තහම එයට ප්‍රධාන වශයෙන් Mast cell හෙවත් කුඹ සෛල පිලිබඳ අසාත්මිකතා ඇති කරන්නාවූ තත්වයන් හා එහි ක්‍රියාකාරීත්වය ගැඹුරින් අධ්‍යයනය කිරීම සිදු කරනු ලබනවා.මෙහිදී අපි රෝග තත්වයන් වල යාන්ත්‍රණයන් අධ්‍යයනය කරනවා,කොහොමද අදුම වර්ධනය වෙන්නේ,උදාහරණ ලෙස එය ගැන කිව්වොත් ඉතා සරල අවස්තාවෙන් එය පටන් ගෙන ඉතා වේදනාකාරී තත්වයක් කරා පත්වන ආකාරය,නමුත් මේ පිලිබඳ දැනුවත් වීම් ගණනාවක් තුලින් ලබාගත් දැනුම අනුව යමින් අපට මේ සඳහා නව සංධිස්ථානයන් කරා හා නවතම වූ ප්‍රතිකර්මයන් හඳුන්වා දෙන්නට හැකියාවක් ඉඩක් අපට ලැබුණා.මෙම ප්‍රතිකර්මයන් තුලින් රෝගී තත්වයට වඩා හොඳින් ප්‍රතිකර්ම කිරීමට අපට හැකිවුණා. සිදු කරන සෑම ගවේෂණයක්ම විවිධ පැති කඩවල් ආවරණය වන පරිදි සිදු කිරීම මෙහිදී අප විසින් කිව යුතුයි.කණ්ඩායමක් හැටියට රෝගින් වෙත ලබාදෙන සේවය තුලින් වඩා ඵලදායි ඉලක්කයන් කර අපට ලඟ වෙන්න හැකිවුණා, අප සැම විටම බලාපොරොත්තු වුණෙත් ඒ දෙයමයි, සැබැවින්ම එය අප ලැබූ ජයග්‍රහණයක්.

02)ඔබත් එක්ක සිටින පිරිස කොපමණද?

මෙතන 55ක් සේවයේ යෙදෙනවා,ඒ අතර ප්‍රධාන පෙළේ ගවේෂකයින්, තෝරාගත් විෂයන් යටතේ ස්වාධිනව කටයුතු කරගෙන යන විද්‍යඥයින්,මාණ්ඩලික විද්‍යාඥයින්, මාණ්ඩලික චිකිත්සකයින්,අප ආයතනය යටතේ පුහුණු වන්නන්, ගවේෂණයන්හි නියුතු හෙදියන්,හා තාක්ෂණ ,පරිපාලන යන අංශයන්ගෙන් හෙබි කාර්යය මණ්ඩලයකින් මෙතන පොහොසත් බව කිව යුතුයි.ගවේෂණාත්මක පර්යේෂණයන්ට අමතරව මෙතනදී අපි පටන්ටගන තිබෙනවා සායනික පර්යේෂණ වාර්තා අධික්ෂණයට ලක් කිරීමත්, ඒවායේ නඩත්තු සහ පුහුණුව ලබා දීමටත්, විශේෂයෙන්ම අසාත්මිකතා හා සම්බන්ධ සායනික අධ්‍යයනයන් සඳහා ප්‍රමුඛතාවයක් එහිදී ලබා දෙනවා, තවද, ළමාරෝග පිළබඳ විශේෂඥ හා නේවාසික වෛද්‍ය ශිෂ්‍යයන් හට විශේෂ වූ අසාත්මිකතා හා ප්‍රතිශක්තිකරණ පුහුණු වැඩසටහනක් දියත් කර තිබෙනවා.
(03) මට තව උදාහරණයක් දෙනන් පුළුවන්ද?

සෑම විටම අපට මුණ ගැසෙන්නේ ඉතා දරුණු මට්ටමට පැමිණි අසාත්මිකතා රෝගීන් සහ මාරාන්තික මට්ටමට පැමිණි රෝගින් බව කිවයුතුයි.ඒවා ආහාර විෂ වීම් වල සිට මාරාන්තික බඹර ප්‍රහාර දක්වා විය හැකියි.එවැනි අවස්තාවක් අප හඳුන්වනු ලබන්නේ anaphylaxisහෙවත් අසංරක්ෂිත තත්වයක් යටතේ සිදු වන්නා වූ සිදුවීමක් ලෙසයි.ඉතින් එවැනි අවස්ථාවකදී රෝගියා නියම වේලාවට සායනිකව අවශ්‍ය කරන සියළුම ප්‍රතිකර්ම ලබා දීමට අප බැඳී සිටිනවා එහිදී epinephrine එන්නත් මාර්ගයෙන් ලබා දීම මගින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට අප කටයුතු කරනවා.එයින් පසු රෝගීන් ව යොදා ගනිමින් අධ්‍යයන කටයුතු ආරම්භ කරන වැඩ පිළිවෙලකුත් අප සංවිධානය කරනවා එහිදී රෝගී තත්වය, හා කුඹ සෛල පිලිබඳ ගැඹුරින් අධ්‍යයනයක යෙදෙනවා. Mast cells හෙවත් කුඹ සෛල අප ශරීරයේ 1%ක පමණ දක්නට හැකි බව සොයාගෙන තිබෙනවා.තවද මෙම සෛල විශේෂය ශරීරයට බාහිරින් පැමිණෙන සාංක්‍රමිකයන්ට විරුද්ධව ආරක්ෂණය සපයන බවත් අප දන්නවා.නමුත් මේවා වැරදියට ගියොත්,ඔබට අසාත්මිකතා තත්වයක් උදාවෙනවා,අපගේ පරමාර්තය වන්නේ මේවා පිලිබඳ තේරුම් ගනිමින්,වඩා හොඳන් කළමණාකරණයක් සිදු කර ගැණීමයි.

(04) අද වන විට ප්‍රගතියේ තත්වය කොහොමද?

ඉතා විශාලයි,1950 ගණන් වලදී මමත් උගු අදුම රෝගී තත්වයකින් පෙළුණ රෝගියෙක්,ඒ කාලේ රෝගී ලක්ෂණ පාලනය කර ගැනිමටත් තැබුණේ ඉතා සුළු බෙහෙත් ප්‍රමාණක්,මගේ රෝගී තත්වය දරුණු වෙද්දී වෛද්‍යවරුන්ට සිදුවුණ මට අවශ්‍ය බෙහෙත් මාත්‍රාවන් මා ලඟට ඇවිත් ලබා දිමට,විශේෂයෙන් රාත්‍රිකාලයේදී රෝගී තත්වයන් උත්සන්න වූ අවස්තාවලදී.අවවාදයන් ලෙස ව්‍යායාම කටයුතු නොකරන ලෙසත් කියා සිටියා,නමුත් අද වන විට අදුම රෝගියා steroids ප්‍රතිකාරයන් ලබමින් රෝගී ලක්ෂණ තුරන් කර ගනිමින් සමාජගත වන ආකාරය අපට දැක ගක හැකියි,තවද රෝගියා සඳහාම විශේෂිත වූ ආකරයට සැකසුණු ප්‍රතිකර්ම ක්‍රම මගින්, එහිදී රෝගියාටම නිර්දේශිත ආකාරයට සිදු කල හැකි ව්‍යායාම ද ඇතුලත් කර තිබෙනවා.ඉතාම සුලු පිරිසක් තමයි අද වන විට රෝහල්ගත කර ප්‍රතිකර්ම ලබමින් සිටින්නේ.

(05) ඔබ පවසන ආකාරයට ඔබගේ අදුම රෝගී තත්වය ඔබව වෛද්‍යවරයකු බවට පත්කලාද?

ඇත්ත වශයෙන්ම,ඇත්තටම එදා මා වටා සිටි වෛද්‍යවරුන් මට කල උදව් උපකාර මගේ සිතට තදින් කා වැදී තිබුණා.මට යන්තම් අවුරුදු 10යි, මම මගේ දෙමව්පියන්ට කියද්දී මම ලොකු වුණාම වෛද්‍යවරයකු වෙන බව.නමුත් මගේ වෛද්‍යවරු කිව්වා ඔයාට ඒක කරන්න බෑ, ඔයා උග්‍ර ඇදුම රෝගියෙක් බව.නමුත් මම ඔහුව විශ්වාස නොකලෙමි.

(06) මේ වන විට ඔබ අධ්‍යයනය කරමින් සිටින්නේ?

එකක් තමයි අදුම නම් වූ රෝගී තත්වය,ශ්වසන අපහසුතා නැති කරමින් වඩා සක්‍රීයව ක්‍රියාකරන බෙහෙත් වර්ග ගැන සොයා බැලීමක් සිදු කරනවා.අසාත්මිකතා පිලිබඳ පුහුණු වැඩසටහනේ කොටසක් වශයෙන් පෙනහළු වල ක්‍රියාකාරීත්වය මැන බැලීමේ සරල උපකරණයක් හඳුන්වාදෙමින් සිටිනවා ,වඩාත් භාවිතය පහසු කරවන ආකාරයේ උපකරණයක් ලෙසින්,එය නමි කර තිබෙන්නේ impulse oscillometry ලෙසයි.මෙහි ප්‍රධානම වාසිය කුඩා ළමුන් සඳහා දැනට භාවිතා කරන තාක්ෂණික මෙවලමට වඩා කිහිප වාරයක් ලෙහෙසි වී තිබීමයි.
(07) ඔබගේ ගවේෂණ කටයුතු වලදී මුහුණ දීමට සිදු වී ඇති සීමාවන් මොනවාද?
ඔව් අපට හැම විටම මෙම රෝගි තත්වය ගැන විවිධ පැතිකඩයන්ගෙන් සොයා බැලීමට සිදු වෙනවා,එහිදී රෝගය ගැන, එහි විවිධ මට්ටම් ගැන, කාය විච්ඡේදනාත්මකව යන අංශ සරලව කිව හැකියි.එහිදී අප ආයතනය සතු පහසුකම් ඉතා ම ඉහළ මට්ටමක පවතින බව කිව යුතුයි සංසන්ධනාත්මකව ලෝකයේ අනෙකුත් රටවල් සමග,එම තත්වයන් යටතේ රෝගීයාට ඉතා කඩිනම් සේවයක් ලබා දෙමින් වඩා ආකර්ශණීය ලෙස රෝගියාට ප්‍රතිකර්ම කිරීමේ නැඹුරුවක් වෙත අප ලඟා වෙමින් සිටින බව කිව යුතුයිඑලෙසම අප සොයා ගනු ලබන සියළු තොරතුරු අප ලෝකයේ සියළු රටවල් වලට ලබා දෙනවා,ඒ අනුව කිසිවෙකු මෙම රෝගී තත්වයෙන් පෙළෙන්නෙක් සිටිනවා නම් ඉන්දියාවේ ඔහුටත් අප මෙහි සිට සිදුකෙරෙන දෙයින් ප්‍රතිඵලයක් ලාබා ගන්නට පුළුවන්.අප විශාල කාලයක් යොදවා තිබෙනවා දුරකතන මගින් හා පරිඝණක භාවතයෙන් අන්තර්ජාලය ඔස්සේ අප වෙත පිවිසෙන වෛද්‍යවරුන්,ගවේෂකයින්,හා රෝගීන් විසින් නගනු ලබන ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබා දීමට,අප ඒ සඳහා බොහොම කැමැත්තෙන් බැඳී සිටන බව කිව යුතුයි.අප ලබන සෑම ජයග්‍රහණයක්ම අපි සියළු දෙනා සමගම බෙදා ගත යුතුයි යන්නයි අපගේ අරමුණ.
(08) ඔබට ඇති අභියෝගයන් මොනවාද?
ඔබ නිරන්තරයෙන් අප සමග සිටිය යුතුයි.අප නව අදහස් දරන්නන් සඳහා සැම විටම විවෘත කර තිබෙනවා, එවැන්නන් අප අපගේ කටයුතු සඳහා සම්බන්ධ කරගන්නට අදහස් කරනවා,උදාහරණයක් ලෙස මානව ප්‍රෙවේණික සාධකයන් පිළිබඳ පර්යේෂණයන්හි යෙදෙන්නන් මගින් රෝග සඳහා ප්‍රති කර්ම සෙවීමේදී නවම් වූ අත්දැකීම සොයා බැලීමට හැකියාවක් ඇති බව කිව යුතුයි.විශේෂයෙන්ම මගේ ක්ෂේත්‍රය වන කුඹ සෛල පිළිබඳ ජානමය සාධකයන් සොයා බැලීම,
(09) මොනවාද මෙයින් සැලසෙන ප්‍රතිලාභ?
අප මෙම ආයතනයේ කොටස් කරුවන් වීම තුලම අප තුල නිහතමානී ආඩම්බරයක් ලැබී තිබෙනවා,මෙවැනි සංකීර්ණ අවස්ථා සඳහා පෙනී සිටින ආයතන බොහොම අඩුයි,මහජනයාට අවශ්‍ය ඉක්මන් ප්‍රතිකාර සැලසුම්,සහ වඩා නිවැරදි රෝග විනිශ්චයන් හා ප්‍රතිකර්මයන්, මෙහිදී අප ඒ ගැන වැඩි සැලකිල්ලක් ගෙන කටයුතු කරගෙන යනවා! ඉන් ජනතවට මහත් ප්‍රතිඵල අත් වෙනව!
(10) අවසාන වශයෙන් ඇදුම රෝගී තත්වය කළමණාකරණය කරගන්නන් හට ඔබ විසින් ලබා දෙන ඔවදන කුමක්ද?
පළමුවෙන්ම කියන්න කැමති මෙහෙම... ඔබ ඔබේ රෝගී තත්වය ගැන සොයා බලන්න,ඒ ගැන මනා වැටහුමක් ලබා ගන්න,අධ්‍යයනයක යෙදෙන්න,මෙහිදී ඔබ පත පොතින් කියවා ලබා ගන්නා දැනුමේ සිට වෛද්‍යවරයෙකු සමග කරන සාකච්චාවක් දකවා සැලකිලිමත් වීම නුවනට හුරුයි.අන්තර්ජාලීය තොරතුරු මත එතරම් විශ්වාසයක් තැබිය නොහැකි බව මම කියන්නම්.දෙවනුව කියන්න කැමතිය රෝගියා තුලින් පෙන්විය යුතු ජිවන රටාවේ වෙනස්කමක් හා වඩා ක්‍රියාකාරී බවකින් වැඩ කිරීමට පටන් ගත යුත් බවත්. බෙහෙත් නියමිත වේලාවට ගත යුතුයි.දුම් පානය නතර කල යුතුයි.පෝෂණ ගුණයෙන් යුක්ත ආහාරවේලක්,දිනපතා ව්‍යායාමයන්හි යෙදීමත් වැදගත්.
 
(නිමි)

2018 external pharmacy exam paper with answers

Ceylon Medical College Council Pharmacists' Examination (External) - November 2018 MCQ Paper : �� Exam Overview ●  Date : 17.11.2018 ● ...