“ ඔබ යනු ඔබේ සිතුවිලිය, ඔබ සිතන දේ ඔබේ ජීවිතයේ යතාර්ථය බවට පත්වේ ”
බෙහෙත් හේත් නවතම ලිපියක් ලඟදීම

Placebo Medicines ගැන දන්නේ මොනවද?

http://behethheeth.blogspot.com/

කිසිඳු ආකාරයක හෝ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරීත්වයක් දක්නට නොලැබෙන නමුත්  ප්‍රතිකර්ම ක්‍රියාවලියේදී යොදා ගනු ලබන කිසියම් වූ ද්‍රව්‍යයක් වේ නම් එය මේ නමින් හඳුන්වමු. මෙම ද්‍රව්‍ය බොහෝවිට වාහකයක් ලෙස ප්‍රතිකර්ම සඳහා යොදා ගන්නේ එමගින් පුදුම සහගත ලෙස කිසිවකුගේ රෝගී තත්වයක් පහ කළ හැකි ලක්ෂණය නිසයි.නමුත් මෙම ප්‍රතිකර්මය තාවකාලික යොදා ගැනීමක් බව සිහියට ගත යුතුය.

http://behethheeth.blogspot.com/

ලොව පුරා විශාල සංඛ්‍යාවක් වන භෞත චිකිත්සකවරු,මානසික රෝග විශේෂඥවරු,ශල්‍ය වෛද්‍යවරු රෝගීන්ගේ රෝගී තත්වයන් පාලනය සඳහා උපයෝගී කොට ගනී. නිවැරදි ආකාරයට මෙවැනි දෑ භාවිතය පිලිබඳ මනා දැනුමක් වෛද්‍යවරයා සතුය.එහි සාර්ථකභාවය හෝ අසාර්ථකභාවය ඹහුගේ දැනුම මූලික කොට ගෙන සිදුවන්නකි.සමහර විටෙක Placebo භාවිතය කිසියම් රෝගී ලක්ෂණයක් පාලනය කිරිම සදාකාලිකවම නවතා දැමීමට තරම් විය හැකිය.

Placebo Reactors යනු කවරෙකුද?

මොවුන් තනි පුදගලයන් ලෙස හැඳින්විය හැකියි. බොහෝ විට මොවුනට ලබා දෙන Placebo සඳහා කායික හා මානසික ව මොවුන් සැම විටම ප්‍රතිචාරයක් දක්වයි.බෙහෝ විට වෛද්‍යවරුන් නොමග යවන්නාවූ පිරිසක් ලෙස සලකයි.

Negetive Reactors යනු කව්රුන්ද?

යම් හෙයකින් මොවුනට ලබා දෙන Placebo වලින් දීර්ඝ කාලිනව අත්වන අතුරු ආබාධයන් ගෙන් පෙලෙන්නාවූ පිරිස මේ නමින් හඳුන්වයි.වාසනාවකට මෙන් එවැනි පිරිස සමාජය තුල දක්නට ලැබෙන්නේ ඉතා අතොලොස්සකි.

කායික රෝගින්ගෙන් 35%ක් පමණ Placebo සඳහා ප්‍රතිචාර දක්වන බවක් පෙන්වයි.40%ක් පමණ වූ කිසියම් හෝ මානසික ආබාධයකින් පෙලෙන රෝගින්ද Placebo  සඳහා ප්‍රතිචාර දක්වන බවක් පෙන්වයි.Placebo  ලබා දීමෙන් කිසියම් රෝගියකු ලබා දෙන්නා වූ ප්‍රතිචාරයන්ද ඒකාකාර නොවන බව කිවයුතුයි. එනම් කිසියම් රෝගියකුට කිසියම් මොහොතක ලබාදුන් Placebo  එකක් එම රෝගියාටම වෙනයම් මොහොතක ලබා දීම තුලින් එම රෝගියාම ලබා දෙන්නාවූ ප්‍රතිචාරය වෙනස් ආකාරයක් විය හැකියි.

වෛද්‍ය ශිෂ්‍ය පිරිසක් විසින් මෑතකදී සිදු කරන ලද පරීක්ෂණයකින් එළි වී ඇත්තේ කිසියම් වූ මානසික තත්වයන් අනුව placebo ගණයේ බෙහෙත් වලට ප්‍රතිචාර දැක්වූවන් අතර මෙවන් ප්‍රෙභ්දයක් දැක්වීමට හැකි බවය. ඔවුන් නම් ,

සමාජශීලි බවින් අඩු පුද්ගලයන්

ආත්ම විශ්වාසය අඩු පුද්ගලයන්

තම ගැන අධි තක්සේරුවෙන් සිතනා පුද්ගලයන්

තම ශරීරයේ ක්‍රියාකාරකම් (අභ්‍යන්තර) පිළිබඳ සිතමින් සිටින්නන්  සිටින බවයි.

 

කොටින්ම මෙය පුදුම සහගත කරුණු රැසක් හෙලි කරගත හැකි වුණු පරීක්ෂණයක් වූ බව ඔවුන් පවසයි. සියලු දෙනාම දැනගත යුතු කරණක් නම් , ඹබ විසින් භාවිතා කරණු ලබන බෙහෙත් වර්ග සහ ඔබගේ සිතුවිලි වල ස්වභාවය අතර ඇත්තේ ප්‍රබල වූ සම්බන්ධයක් බවයි.ඒ සම්බන්ධතාවය කොතෙක් ප්‍රබලද යත් ඔබ ගන්නා බෙහෙතේ ක්‍රයිකාරීත්වයට මෙන්ම එයින් ලබාදෙන ප්‍රතිඵලය කෙරෙහි ඍජුවම බලපෑම් එල්ල කිරීමට හැකියාවක් එයින් සිදු කල හැකි වීමයි.

ඔබ විසින් භාවිතයට ගනු ලබන බෙහෙත් පිලිබඳ ඔබ තබන විශ්වාසය , ඒ පිලිබඳ ඔබ දක්වන මතය, උද්යෝගය මත ඔබ ප්‍රතිඵල ලබන බව අවසන් නිගමනයයි.

No comments:

Post a Comment

FAQs about insulin