“A pharmacist’s knowledge is a lifeline for patients, helping them navigate the complexities of their medications.”
Friday, December 4, 2015
Monday, August 10, 2015
Codeine Phosphate – කෝඩේන්
- මොකක්ද මේ?
වෛද්‍ය නිර්දේශ මත රෝගීන්ට ලබා දෙන ඖෂධයකි,වේදනා නාශකයකි.සාමාන්‍ය මට්ටමේ සිට මධ්‍යම මට්ටමේ වේදනා දක්වා පමණක් සමනය කිරීමේ හැකියාවක් දරයි.කැස්ස අඩු කිරීමේ හැකියාවකින්ද මෙය පොහොසත්ය.වෙනයම් ඖෂධ සමග මෙය ලබා දීමේ හැකියාවක් එනම් සංයෝග ආකාරයට නිශ්පාදනය වන බෙහෙත් අතර දැකිය හැකිය.
- ව්‍යවහාරයේ යෙදෙන නම් මොනවාද?
T3s, AC/DC, Coties
- කෝඩේන් ලබා ගත හැකි ආකාර කවරේද?
පෙති , කරල්, දියර (Syrup) යන ආකාරයන්ට.
- පාවිච්චි කල යුතු පිළිවෙල?
ගිල දැමීම මගින් මුඛ මාර්ගයෙන් ලබා දිය හැකියි.
- මෙම ඖෂධය නිරන්තර භාවිතයේ භයානක බවක් තිබේද?
ඔව්,නිතර නිතර ඇබ්බැහි වීමකට ලක් වුවහොත් එයින් අතුරු විපාක රැසක් අත් විය හැකියි.ඒ අතර ප්‍රධාන වශයෙන් හුස්ම ගැනීමේ අපහසුතා,ගිලීමේ අපහසුතා,ප්‍රධානයි.පළු දැමීමක්,කැසීමක්,පෙනීමේ යම් යම් වෙනස්කම්,වලිප්පුව,හෘදයේ ස්පන්ධන වේගයේ වැඩිවීමක් වැනි දේ බලාපොරොත්තු විය හැකියි.
- ප්‍රධාන වශයෙන් ඇබ්බැහි වූවෙකු තුලින් දැකිය හැකි රෝග ලක්ෂණයන් මොනවාද?
ඔක්කාර ගතිය,මළ බද්ධය,මානසික අසංතුලිත භාවය,ශ්වසන නාල වල සිදුවන අවහිරතාවයන් මත සිදුවන හුස්ම ගැනීමේ අපහසුතාවයන්,හුස්මගත නොහැකිම තත්වයන්,සිහිකල්පනාව අඩු වීම,ඉයුපෝරියා හෙවත් සතුට දනවන සිතුවිලි පහළ වීම.නිනද්‍රාශීලී බව ,මානසික ඒකාග්‍රතාවය ගිලිහී යාම, ඇසේ කළු ඉංගිරියාවේ කුඩා වීම,භෞතික ක්‍රියාකාරකම් වල සිදුවිය හැකි වෙනස්කම්,ආහාර රුචි අරුචි භාවයේ වෙනස්කම් ප්‍රධාන ලෙසම කිව හැකියි.
Wednesday, May 6, 2015
සුද්දා
උතුරු බි‍්‍රතාන්‍යයේ ආදි මිනිසුන්,
පුරාණ යුරෝපීයයන්ගෙන් පැවතෙන්නා වූ මිනිසුන්
සුලුරේනියානුවන් පමණට ගෙන
රෝමානුවන් සමග එකට තබන්න.
පසුව අඩුම ගානේ වසර හාරසියයකටවත් පසු
එයින් රෝමානුවන් ඉවත් කොට ප්‍රංශ නෝමන්වරුන් ජර්මන් සහ ස්කැන්ඩිනේවියානුවන් සමග පමණට වඩා මුසු කොට තදින් හැඳිගාන්න.
දැන් සැර චිලී වැසියන්,කූල් ජැමෙයිකානුවන් සමග බටහිර ඉන්දියානුවන් ගෙන හොඳට මිශ්‍ර කරගන්න.
ට්‍රිනිඩැඩ් හි පුරාණ වැසියන්,ඉතියෝපියානු ආදි වැසියන් සහ චීන්නුන්, වියට්නාම වැසියන්, සූඩානුවන්ට ද එලෙසටම.
සෝමාලියානුවන්,ශ්‍රී ලාංකිකයන්,නයිජීරියානුවන්,පාකිස්ථානුවන් ද එකට ගෙන කුඩු කර ගයනාවේ වැසියන්ද එයටම එක් කොට හොඳින් රත් වෙන්නට ඉඩ හරින්න.
ඉන්දියානුවන්,මැලේසියානුවන්,බොස්නියානුවන්,ඉරාක වැසියන්,බංගලාදේශ වැසියන්,ඇෆ්ගන්,ස්පැනිෂ්,තුර්කි,කුර්දි,ජපන්,
පලස්තීනුවන් ද එකට දමා දියවෙන තෙක් රත් කර ගන්න.
දැන් මිශ්‍රණය හොඳින් නටන තෙක් රත් කර ගත් පසු
ඒ සියලු මිශ්‍රණයන් සුද්දන් සමග දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
අවසන් මිශ්‍රණය හොඳින් නිවෙන්නට ඉඩ හරින්න.
දැන් එයට එකමුතුකම,ජාතින් අතර අන්‍යේන්‍ය අවබෝධය,ගෞරවය,සාධාරණත්වය එකතු කරමින් හොඳින් විනෝද වන්න.
සැ,.යු- සෑදීමට ගන්නා සියලුම අමු ද්‍රවය එක හා සමානව අවශ්‍යයි.එකක් පරයා තව එකක් වැඩි වුව හොත් රසයේ ලොකු වෙනසක් විය හැක.

Friday, January 16, 2015
කලකට පසු නැවත ඔබ වෙත ලියමි.
..."දිගු නිහැඩීයාවක් රැකිම කල යුතුව තිබුණේ මා ද ඖෂධවේදය පිලිබඳ විභාගය සඳහා සූදානම් වෙමින් සිටි බැවිනි.දැන් සියල්ල අහවර වී ඇත.පුරා වසර හතරක කාලයක් ඒ වෙනුවෙන් පෙරුම් පිරූ මට අවසන් ඉලක්කය කරා ගමන් කොට විභාගය සමත් වී අද දින වරලත් ඖෂධවේදියකු ලෙස පුංචි දිවයිනට සේවය කරමින් සිටිමි…”
අද දින මා පුද්ගලික අංශයේ පිලිගත් ආයතනයක වරලත් ඖෂධවේදියකු ලෙස සේවයේ යෙදෙන්නේ ඉමහත් සතුටකිනි.විෂයානුබද්ධ ලිපි පෙළක් මෙතෙක් ඔබ වෙත ගෙන ආ මම එහි ඉදිරි ගමන් මග තරමක් වෙනස් මගකට යොමු කර වීමට බලාපොරොත්තු වෙමි.
න්‍යායික කරුණු සහ විෂයානුබද්ධ කරුණු ප්‍රතිශතාත්මකව අඩු කර සරල මගක් වෙත යමින් වඩ වඩාත් සරල එහෙත් ප්‍රායෝගික මූලධර්ම මත පදනම් වූ එදිනෙදා ජන ජීවිතය ස්පර්ශ වන්නා වූ නැවුම් ලිපි පෙලකින් හැඩ ගන්වමින් යෙදෙන්නා වූ සංවාදයන් මෙයින් ඔබ වෙත ලඟා වනු ඇත.
ස්තුතියි..
ඊ.ඒ.එන්.චින්තක.
Subscribe to:
Posts (Atom)
2018 external pharmacy exam paper with answers
Ceylon Medical College Council Pharmacists' Examination (External) - November 2018 MCQ Paper : �� Exam Overview ● Date : 17.11.2018 ● ...
-
ඔබගේ Triglycerides මට්ටම ඉහල ගොස්ද? ඔබ නොදන්නවා වෙන්න පුලුවනි,ඒත් Triglycerides මට්ටම ඔබටම පහල දමා ගන්නට පුලුවන් ක්‍රම කිහිපයක් ඇති බව...
-
ලොව සුපතල Bayer ආයතනයෙන් ලොවට හඳුන්වා දුන් Primolut N 5mg. ඉහල ප්‍රමිතියකින් හා ගුණාත්මකභාවයකින් යුත් ඖෂධයකි. මුඛ මාර්ගයෙන් ලබා ගත යුතු ප...
-
Ceylon Medical College Council Pharmacists' Examination (External) - November 2018 MCQ Paper : �� Exam Overview ● Date : 17.11.2018 ● ...