Skip to main content

ආර්තව දින ප්‍රමාදයට Primolut N 5mg.



ලොව සුපතල Bayer ආයතනයෙන් ලොවට හඳුන්වා දුන් Primolut N 5mg. ඉහල ප්‍රමිතියකින් හා ගුණාත්මකභාවයකින් යුත්  ඖෂධයකි. මුඛ මාර්ගයෙන් ලබා ගත යුතු පෙත්තකි.මෙහි භාවිතාවන් කිහිපයක් ඇත.ප්‍රධාන ම වශයෙන් කාන්තාවන් ආර්තව දින ප්‍රමාද කර ගැනීමට මෙය ලබා ගනී.මෙහි ඇති වටිනාකමට හේතු වන්නේ ලොව විශිෂ්ට ආයතන නාමයකින් මෙම බෙහෙත වෙළඳපොළ කරා පැමිණිමයි. අපි හොයා බලමු මේ බෙහෙත කොහොමද ලබා ගන්නේ සහ මොනවද අප දැන ගත යුත්තේ කියා.

 Primolut N 5mg.භාවිතා කරන්නේ මොනවාටද?

Primolut N 5mg. යනු ඉහත සඳහන් ලොව සුපතල Bayer ආයතනයෙන් ලොවට හඳුන්වා දුන් සන්නාම නාමයයි.මේ බෙහෙත ආර්තව දින ප්‍රමාද කිරීමට උපයෝගී කරගනු ලබයි.මෙය කිසි සේත්ම උපත් පාලන පෙත්තක් ලෙස ර්‍කයා නොකරන බව මතක තබා ගන්න.මේ බෙහෙතට ගර්භණිභාවය කිසි සේත් නැති කිරීමේ හැකියාවක් නැත.

මෙහි අඩංගු වන්නේ Norethisterone (Progestogen) නමැති කාන්තා හෝමෝනය  මගින් ආර්තවය සිදු වන කාල සීමා වෙනස් කල හැකිය. තවද ආර්තවය ඉතා දිගුවට සිදුවෙන සහ අක්‍රමවත් ආකාරයට සිදු වේ නම්ද මේ බෙහෙත ලබා දෙනු ලබයි.Endometriosis වැනි තත්වයකදී ද මේ බෙහෙත ලබා දෙයි.Pre-menstrual syndrome සහ ඒ හා සම්බන්ධ ලක්ෂණයන් රෝගීන් තුල දක්නට ඇත්නම් මෙය ලබාදෙයි.

ආර්තව සිදුවීමට නියමිත දින පමා කර ගැනීමට මෙය ලබා ගන්නේ කෙසේද?

මේ බෙහෙතට දින 14කින් අාර්තව දින ප්‍රමාද කල හැකියි.නමත් දින 10 සිට 14 දක්වා වෙනස් විය හැක.ආර්තව චක්‍රය මනා ලෙස හැසිරවීම මගින් ඔබට ඔබගේ ජීවිතයේ මුහුණ දෙන හදිසි අවස්ථාවන් වලදී ගැටලුකාරී නොවී සිටීමට ඔබව සූදානම් කරවයි.උදාහරණ ලෙස පවුලේ විශේෂ අවස්තා,ක්‍රීඩා තරඟ ඉසව්,විනෝද චාරිකා හෝ ඔබ විදේශගත වන විටක.

progesterone හෝාමෝන මට්ටම ආර්තවය සිදුවන්නට ලං වත්ම ඉහළ මට්ටමකට ලඟා වෙයි.මේ නිසාම ආර්තවය සිදු වන්නට පටන් ගනී.එමගින් ගර්භාෂයේ බිත්ති ගනකම අඩු කරයි ගැබ් ගැනීමක් සිදු නොවුණ බවට සලකුණක් වශයෙන්.ගැබ් ගැනීමක් සිදු වුවද මේ හෝමෝ්න මට්ටම පහළ යෑමක් සිදු නොවෙයි.මෙමගින් පිළිසිඳ ගැනීමක් සිදු වූ අවස්තාවේ සිට දරුවා ආරක්ෂා කරමින් ගර්භාෂ බිත්ති ඝණ කම්ව පවත්වා ගනී.

Primolut N 5mg යනු Norethisterone වේ.එනම් කෘත්‍රිම progesterone ය.එමගින් ගර්භාෂ බිත්ති නිරෝගීවත් ඝණකම්වත් පවත්වාගෙන යයි.එමගින් සරු නොවූ ඵලය පිටතට යාමට නොදී තබා ගනී.කල් දැමීමක් හෝ නිවැරදි කර ගැනීමට උපකාරී බවක් ලැබෙයි.සැබැවින්ම අධික වේදනා කාරී හෝ අක්‍රමවත් ආර්තවයන් අත් විඳින කාන්තාවන්ට.



විවිධ අවස්තාවන්හිදී Primolut N 5mg  භාවිතයට ගත යුතු ආකාර කිහිපයක්


ගොඩක් දෙනෙක් නිවැරදි ආකාරයට මේ බෙහෙත භාවිතා කරන්න නොදන්නා බවක් පෙනී යයි.පෙති වශයෙන් එන මෙය ජලය සමග පානය කල යුතුයි.ගත යුතු මාත්‍රාව අවස්තාව සහ ස්වභාවය අනුව වෙනස් විය හැකිය.


1. අක්‍රමවත් රුධිර වහනයක් නම් නියමිත මාත්‍රාව වන්නේ පෙති 1  බැගින් දිනකට 3න් වරක් දින 10ක්.

2. ප්‍රාථමික හෝ ද්විතියික තත්වයේ අනාර්තවය (ඔසප් නියමිත දිනට /කාලයට සිදු නොවීම) නියමිත මාත්‍රාව වන්නේ පෙති 1  බැගින් දිනකට 1-2ක්  දින 10ක්.

3.Premenstrual syndrome (PMS) නියමිත මාත්‍රාව වන්නේ පෙති 1  බැගින් දිනකට 3න් වරක් ඩිම්බ මෝචනයෙන් පසු දින.

4.ආර්තවය සිදුවන දින කල් දා ගැනීමට ගර්භණී කාන්තාවන් මෙය ලබා නොගත යුතුයි.  නියමිත මාත්‍රාව වන්නේ පෙති එක බැගින් දිනකට දෙවරක් හෝ තුන්වරක් දින දහයක්  හෝ දාහතර දිනක් වීමට නියමිත ආර්තව දිනයට දින තුනකට පෙර පටන් ගත යුතු බව සිහියේ තබා ගත යුතුය.බෙහෙත නවතා දමා දින 2ක් 3ක් ඇතුලත නැවත ආර්තවය නියමිත පරිදි සිදු වීමට පටන් ගනී.

මතු සම්බන්ධයි







Comments

Popular posts from this blog

ස්වාභාවික ලෙසම ශරීරයෙන් Triglycerides අඩු කරගන්නා ආකාරයන් කිහිපයක්…

ඔබගේ Triglycerides මට්ටම ඉහල ගොස්ද? ඔබ නොදන්නවා වෙන්න පුලුවනි,ඒත් Triglycerides මට්ටම ඔබටම පහල දමා ගන්නට පුලුවන් ක්‍රම කිහිපයක් ඇති බව.නැවත වරක් හදවතේ යහ පැවැත්ම යථා තත්වයකට ගන්ට ඔබටම හැකි බව. මොනවද මේ Triglycerides කියන්නේ? බොහෝවිට මේ වචනය ඔබ කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කර ඇති සෑම විටකම අසා ඇති.නමුත් කිසිවිටෙක ඒ ගැන සොයා බැලුවද? Triglycerides ශරිරයේ රුධිරයේ අඩංගු මේද ප්‍රමාණයක දර්ශකයකි.සාමාන්‍ය ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ නිරා ආහාරව ඉඳ ලබාගත් රුධිර සාම්පලයක එම අගය 125ක් විය යුතුයි.වඩාත් සුදුසු අගය හෙවත් optimal level 100 අඩුවෙන් තිබිය යුතුයි. තිබිය හැකි උපරිම සිමාව 150 සිට 199 දක්වා සඳහන් කරන්නත් පුලුවන්,රෝගී අවස්ථාවකදී නම් මෙම අගය 200ක් හෝ ඊට වැඩි අගයකි. එනම් මෙම අගයන් වැඩිවීමක් දක්නට ලැබෙනව නම් එයින්, හෘද රෝගයක්  සෑදීමට හෝ එයින් මරණයට පත් වීමේ හැකියාවක් ඇති  සංඥාවක් බව දැන ගත යුතුයි.විශේෂයෙන්ම ශරීරයේ HDL හෙවත් හිතකර කොලෙස්ටරෝල් අඩු වීමක් හා LDL හෙවත් අහිතකර කොලෙස්ටරෝල් අගය වැඩි අගයක් තිබුණත්, මේ Triglycerides ද ඇතුලිව සියල්ලම ධමණි නාළ වල ඝණකම වැඩි කිරීමට බලපායි. T...

2018 external pharmacy exam paper with answers

Ceylon Medical College Council Pharmacists' Examination (External) - November 2018 MCQ Paper : �� Exam Overview ●  Date : 17.11.2018 ●  Time : 9.00 a.m. – 12 noon ●  Duration : 3 hours (suggested: 110 minutes for MCQ, 70 minutes for SEQ) ●  Instructions : Answer all 50 multiple-choice questions. ✅ Sample of Extracted Questions (1–5) 1. True or False: Storage Recommendations ●  A. Bisacodyl suppositories should be stored between 2–8℃. ✅ True ●  B. Vitamin A and D capsules should be stored away from light. ❌ False ●  C. Amoxicillin capsules should be stored below 25℃. ✅ ●  D. Heparin injection should be stored between 2–8℃. ✅ True ●  E. Tetanus toxoid is recommended to be stored in the freezer. ❌ False 2. Advice: “Dissolve in water or take with water” ●  A. Ketoprofen capsules ❌ ●  B. Aluminium hydroxide tablets ✅ ●  C. Doxycycline dispersible tablets ✅ ●  D. Aspirin tablets ❌ ●  E. Metformin tablets ✅ 3. True or False...