Skip to main content

ඇස් කැසීමක්ද?

ඇස් කැසීමක්ද?

ඇයි එහෙම වෙන්නේ සහ කුමක්ද අපට කල හැක්කේ.


ලිව්වේ නුවන් චින්තක.


කැසීම් බොහෝ විට ඉතා සුලුවෙන් පටන් ගෙන කාලයත් සමග ඉතා තදබල ආසාධිත තත්වයක් කරා ම යාමට හැකිය.අක්ෂි රෝග නිවාරණ මධ්‍යස්ථානයක දිනකට පැමිණෙන බොහෝ පිරිසක් මේ රෝගී තත්වයෙන් පීඩා විඳ පිලියම් සොයමින් පෝළිම් වලට වී සිටීම ඉතාම සුලභය.මෙයට එක් ප්‍රධාන හේතුවක් ලෙස අසාත්මිකතා තත්වයන් හඳුනාගත හැක.ඔබත් මෙවැනි රෝගී තත්වයකින් පිඩා විඳිනවාද?

එහෙනම් ඔබ පළමුවකල යුත්තේ,මෑතකදීම ඔබ මිලදී ගෙන පාවිච්චි කරන ර්‍ක්‍රම් වර්ගයක්,සබන් වර්ගයක්,හෝ රූපලාව්‍යයට අදාල ද්‍රව්‍යයක් නිසා දැයි, මේ ආසාධිත තත්වයට මුල වී ඇත්තේ යන්න සොයා බැලීමයි.ඇස් බොහෝවිට මල්පරාග,දුහුවිලි,හා සත්ව ලොම් විශේෂයෙන්ම සුරතලට නිවසේ ඇති කරන බළලුන් හා බල්ලන් නිසා  අසාත්මිකතා තත්ව ඇති කරවයි.මෙවැනි දේවල් වලින් ඔබ ඈත් විය යුතුයි.හැකි සෑම වේලාවකම,පුළුවන් නම් ඇස සේදීම සඳහා සේලයින් වතුර භාවිතා කරන්න.ප්‍රති අසාත්මිකතා පෙති හෝ දියර ආකාර භාවිතා කරන්නත් පුළුවනි.

රෝග ලක්ෂණ පහ ව යන තුරු සිවි කාච හෙවත් Contact lenses පැලඳීමෙන් වැලකී සිටීම බොහොම හොඳයි.

සිවි කාච පැලඳීම ඇස් වල කැසීම් ඇති කිරීමට හේතු වෙයි.යම්කිසි පළුදු වීමක් ඇති අවස්ථාවක හෝ නිවැරදිව පිරිසිදු කිරීම් වලට ලක්නොකර පැලඳීමෙන් මේ තත්වය වඩා බරපතල විය හැකියි.තවද නිවැරදී ප්‍රමාණයේ සිවි කාචයක් නොපැලඳීම තුල තත්වය තත්වය තවත් බරපතලය.නිවැරදී ව ලබා දී ඇති උපදෙස් මත පමණක් කාච පිරිසිදු කිරීමේ ර්‍ක්‍රයාවලිය සිදු කරන්න.

තවත් කරුණක් ලෙස Dry eye syndrome හැඳින්විය හැකියි.මෙයට හේතු වන්නේ ප්‍රමාණවත් තරම් ලිහිසි කාරකයන් ඇස තුල ස්වාභාවිකව නිපද නොවීමයි.මේ සඳහා හේතු කිහිපයක් කියන්න පුලුවන්, වයසට යාමත් සමග ඇතිවන තත්වයන්,ලේසර් කිරණ මගින් සිදු කරන ශල්‍යකර්මයන් හේතුවෙන් සිදුවන යම්කිසි සංකූලතාවයන්,හෝ ඔබ ගන්නා සමහර බෙහෙත් වර්ගයන් නිසා උදාහරණ (Decongestones,Antidepressants) දුම්පානය,ඇසිපිය නොගසා බොහෝ වේලාවක් සිටීමත්,වියලි පරිසරික තත්වයන් තුල සිටීමත් දැක්විය  හැකියි.සේලයින් වතුර,කෘත්‍රීම කඳුලු ලිහිසි කාරක(Lubricants) ආදී,අපහසුතා මැඩ ගැනීමට භාවිතා කල හැකියි.

මීට අමතරවත් යම් කිසි අපහසුතාවයන් පවතී නම් සමහර විට ඇසෙන් දියර වැනි යමක් ගැලීමක්,උගුරේ යම් කිසි ආසාධිත තත්වයක්,දැඩි වේදනාවක්,පෙනීමේ අපහසුතාවයක්,ඔබට වෛද්‍යය උපදෙස් පැතිය යුතු අවස්ථාවකි.ඇස් රතු වීම පිලිබඳ,කැසීමක්,දියර ගැලීමක් සමහර විට අප හිතනවාට වඩා විමසිලිමත් විය යුතු දෙයක් බවයි.


Comments

Popular posts from this blog

ස්වාභාවික ලෙසම ශරීරයෙන් Triglycerides අඩු කරගන්නා ආකාරයන් කිහිපයක්…

ඔබගේ Triglycerides මට්ටම ඉහල ගොස්ද? ඔබ නොදන්නවා වෙන්න පුලුවනි,ඒත් Triglycerides මට්ටම ඔබටම පහල දමා ගන්නට පුලුවන් ක්‍රම කිහිපයක් ඇති බව.නැවත වරක් හදවතේ යහ පැවැත්ම යථා තත්වයකට ගන්ට ඔබටම හැකි බව. මොනවද මේ Triglycerides කියන්නේ? බොහෝවිට මේ වචනය ඔබ කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කර ඇති සෑම විටකම අසා ඇති.නමුත් කිසිවිටෙක ඒ ගැන සොයා බැලුවද? Triglycerides ශරිරයේ රුධිරයේ අඩංගු මේද ප්‍රමාණයක දර්ශකයකි.සාමාන්‍ය ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ නිරා ආහාරව ඉඳ ලබාගත් රුධිර සාම්පලයක එම අගය 125ක් විය යුතුයි.වඩාත් සුදුසු අගය හෙවත් optimal level 100 අඩුවෙන් තිබිය යුතුයි. තිබිය හැකි උපරිම සිමාව 150 සිට 199 දක්වා සඳහන් කරන්නත් පුලුවන්,රෝගී අවස්ථාවකදී නම් මෙම අගය 200ක් හෝ ඊට වැඩි අගයකි. එනම් මෙම අගයන් වැඩිවීමක් දක්නට ලැබෙනව නම් එයින්, හෘද රෝගයක්  සෑදීමට හෝ එයින් මරණයට පත් වීමේ හැකියාවක් ඇති  සංඥාවක් බව දැන ගත යුතුයි.විශේෂයෙන්ම ශරීරයේ HDL හෙවත් හිතකර කොලෙස්ටරෝල් අඩු වීමක් හා LDL හෙවත් අහිතකර කොලෙස්ටරෝල් අගය වැඩි අගයක් තිබුණත්, මේ Triglycerides ද ඇතුලිව සියල්ලම ධමණි නාළ වල ඝණකම වැඩි කිරීමට බලපායි. T...

ආර්තව දින ප්‍රමාදයට Primolut N 5mg.

ලොව සුපතල Bayer ආයතනයෙන් ලොවට හඳුන්වා දුන් Primolut N 5mg. ඉහල ප්‍රමිතියකින් හා ගුණාත්මකභාවයකින් යුත්  ඖෂධයකි. මුඛ මාර්ගයෙන් ලබා ගත යුතු පෙත්තකි.මෙහි භාවිතාවන් කිහිපයක් ඇත.ප්‍රධාන ම වශයෙන් කාන්තාවන් ආර්තව දින ප්‍රමාද කර ගැනීමට මෙය ලබා ගනී. මෙහි ඇති වටිනාකමට හේතු වන්නේ ලොව විශිෂ්ට ආයතන නාමයකින් මෙම බෙහෙත වෙළඳපොළ කරා පැමිණිමයි. අපි හොයා බලමු මේ බෙහෙත කොහොමද ලබා ගන්නේ සහ මොනවද අප දැන ගත යුත්තේ කියා.  Primolut N 5mg.භාවිතා කරන්නේ  මොනවාටද? Primolut N 5mg. යනු ඉහත සඳහන් ලොව සුපතල Bayer ආයතනයෙන් ලොවට හඳුන්වා දුන් සන්නාම නාමයයි.මේ බෙහෙත ආර්තව දින ප්‍රමාද කිරීමට උපයෝගී කරගනු ලබයි.මෙය කිසි සේත්ම උපත් පාලන පෙත්තක් ලෙස ර්‍කයා නොකරන බව මතක තබා ගන්න.මේ බෙහෙතට ගර්භණිභාවය කිසි සේත් නැති කිරීමේ හැකියාවක් නැත. මෙහි අඩංගු වන්නේ Norethisterone (Progestogen) නමැති කාන්තා හෝමෝනය  මගින් ආර්තවය සිදු වන කාල සීමා වෙනස් කල හැකිය. තවද ආර්තවය ඉතා දිගුවට සිදුවෙන සහ අක්‍රමවත් ආකාරයට සිදු වේ නම්ද මේ බෙහෙත ලබා දෙනු ලබයි.Endometriosis වැනි තත්වයකදී ද මේ බෙහෙත ලබා දෙයි.Pre-menstru...

2018 external pharmacy exam paper with answers

Ceylon Medical College Council Pharmacists' Examination (External) - November 2018 MCQ Paper : �� Exam Overview ●  Date : 17.11.2018 ●  Time : 9.00 a.m. – 12 noon ●  Duration : 3 hours (suggested: 110 minutes for MCQ, 70 minutes for SEQ) ●  Instructions : Answer all 50 multiple-choice questions. ✅ Sample of Extracted Questions (1–5) 1. True or False: Storage Recommendations ●  A. Bisacodyl suppositories should be stored between 2–8℃. ✅ True ●  B. Vitamin A and D capsules should be stored away from light. ❌ False ●  C. Amoxicillin capsules should be stored below 25℃. ✅ ●  D. Heparin injection should be stored between 2–8℃. ✅ True ●  E. Tetanus toxoid is recommended to be stored in the freezer. ❌ False 2. Advice: “Dissolve in water or take with water” ●  A. Ketoprofen capsules ❌ ●  B. Aluminium hydroxide tablets ✅ ●  C. Doxycycline dispersible tablets ✅ ●  D. Aspirin tablets ❌ ●  E. Metformin tablets ✅ 3. True or False...