Skip to main content

Solid dosage forms powders and granules.



Solid dosage forms powders and granules.
Controlled release පෙති වල ඇති විභවයන් සහ වාසිදායක තත්වයන් සලකා බැලීමට නම් සාම්ර්‍පදායික බෙහෙත් මාර්‍තා පිලිබඳ දැනගෙන සිටීම ඉතා වැදගත්ය.විශේෂයෙන්ම පවුඩර් (powders) ආකාරය,කැටිති (granules) ආකාර,කරල් (capsules) සහ පෙති (tablets) ආකාරයන්හි මාර්‍තා (dosage forms) වර්ග පිලිබඳ සොයා බලා බැලීම වැදගත් වේ.කිසියම් බෙහෙතක (කිසියම් රසායනිකයක) ඝණ අවස්ථාව එහිම ර්‍දව අවස්ථාවට වඩා ස්ථායි යැයි සලකයි.මේ හේතුව නිසාම ඉතා දුර්වල ස්ථායි භාවයක් දක්වන කිසියම් රසායනිකයක් හෝ බෙහෙතක් ඝණ අවස්ථාවේ පවතින ලෙසට නිර්මාණය කිරීමට උනන්දුවක් දක්වයි.
මේ පර්ච්ඡේදයේ දී අපි ප්‍රධාන වශයෙන් මාත්‍රා අකාර දෙකක් වන powders සහ granules ගැන සොයා බලමු.
Powders.
පවුඩර් (powders) යනු ප්‍රධාන වශයෙන් වියලි මාධ්‍යයට පත් කරන ලද ඉතා සියුම් ලෙස වෙන් කර ගන්නා ලද කිසියම් රසායනිකයක් හෝ බෙහෙතකි.එමෙන්ම මේවා බාහිර හෝ අභ්‍යන්තර ලෙසද භාවිතයට ගත හැකිය, බාහිර භාවිතයේදී සම මත ආලේප කිරිමක් උදාහරණ ලෙස දිය හැකියි.dry powder ආකාරය මුඛ මාර්ගයෙන් කිසියම් රෝගියකුට දිය හැකියි,ඔහු කිසියම් ගිලීමේ අපහසුතාවයක් ඇති අවස්ථාවකදී.නමුත් powders භාවිතය සීමිත ලෙස අඩු බවක් පෙන්වයි.මෑතක සිට මේවා භවිතා කරමින් වෙනක් ආකාරයක් dosage forms නිර්මාණය කර ගැනීමට ඉවහල් කර ගැනීමක් දැක ගත හැකියි.මේ ආකාරයට powders යොදා ගනිමින් සාදා ගන්නා අනෙකුත් dosage forms වලට උදාහරණයන් ලෙස, pastes, suppositories, ointments, creams,දිය හැකියි.
Powder properties ප්‍රධාන වශයෙන් මෙසේ වර්ග කර හැකියි.
1. single-particle properties,
2. bulk properties,
3. particle–particle interactions,
4. powder morphology (particle size, specific surface area, porosity, and particle shape),
5. mixing and blending properties (mechanisms of mixing, types of mixing equipment, and minimizing segregation tendencies).
තවද powders ගැන ඉගෙන ගැනීමේ දී powder transfer methods, mechanisms of particle-size reduction,සහ types of mills.ගැනද ඉගෙනීමට අවකාශයක් ලැබෙයි.

Particle sizes.
USP වර්ගීකරණයට අනුව Particle sizes ප්‍රධාන  වශයෙන් වර්ග 5කට දක්වයි.
1.      Very fine,
2.      Fine,
3.      Moderately coarse,
4.      Coarse,
5.      Very coarse, යන ආකාරයන්ටය.
සත්ව හා ශාකමය සාරයන්ගෙන් සාදා ගන්නා පවුඩර් සහ රසායනිකයන් වලින් සාදා ගන්නා පවුඩර් වර්ග අතර වෙනස්කම් දක්නට ඇත.දැනටමත් ඉතා විශාල රටවල් සංඛ්‍යාවක් ඒ ආකාරයේ පවුඩර් භාවිතයට ගමින් සිටි.ඒ හැම දේකින්ම ඔවුන් බලාපොරොත්තු වන්නේ ඖෂධමය වටිනාකමක් ලබා ගැනීමටය.

දැන් ශාකමය හා සත්වමය සංඝටකයන් සඳහා වූ Particle sizes සහ රසායනිකයන් සඳහා වූ Particle sizes වෙන වෙනම සොයා බලමු.


ශාකමය හා සත්වමය සංඝටකයන් සඳහා වූ Particle sizes
Designation
Maximum Diameter
Requirements
Very Fine
≤ 180 μm (≤ 0.180 mm)
(passes through a No. 80 sieve)
Fine
≤ 250 μm (≤ 0.250 mm)
(passes through a No. 60 sieve)
Moderately Coarse
≤ 425 μm (≤ 0.425 mm)
(passes through a No. 40 sieve)
Coarse
≤ 850 μm (≤ 0.850 mm)
(passes through a No. 20 sieve)
Very coarse
≤ 2360 μm (≤ 2.36 mm)
(passes through a No. 8 sieve)


රසායනිකයන් සඳහා වූ Particle sizes
Designation
Maximum Diameter
Requirements
Very Fine
≤ 125 μm (≤ 0.125 mm)
(passes through a No. 120 sieve)
Fine
≤ 180 μm (≤ 0.180 mm)
(passes through a No. 80 sieve)
Moderately coarse
≤ 425 μm (≤ 0.425 mm)
(passes through a No. 40 sieve)
Coarse
≤ 850 μm (≤ 0.850 mm)
(passes through a No. 20 sieve)
දැන් අපි සොයා බලමු Particle sizes මත වෙනස් වන අනෙකුත් ගුණයන් මොනවාද යන්න කියා..
1.      Dissolution rate,
2.      Suspendability,
3.      Uniform distribution,
4.      Penetrability,
5.      Nongrittiness


කිසියම් සංඝටකයක Dissolution rate එක Particle sizes එක මත වෙනස් වනු ලබයි.ඒ අනුව Particle size කුඩා වන තරමට දියවීමේ සීඝ්‍රතාවය ඉහල යයි.
තවද අවලම්බිත ද්‍රාවන වල (suspension) සමාකාර ලෙස ද්‍රාව්‍ය ද්‍රවය තුල ගමන් කොට මනා ලෙස පැතිරුණු ද්‍රාවණයක් ලබා ගැනීමට උපකාරීවේ.විශේෂයෙන්ම මුඛ මාර්ගයෙන් ලබා ගන්නා ශ්වසන අපහසුතා සඳහා ලබා දෙන්නා වූ ඖෂධයන් හි Particle sizes පිලිබඳ මෙහිදී විශේෂයෙන්ම කිව යුතුයි.විශේෂයෙන්ම ශ්වාස නාළ තුලදී ඉතා සියුම් නාල බිත්ති මත මේ පවුඩර් තැන්පත් වීමට නම් මේවා හි Particle sizes 1-5μm වත් විය යුතුයි
සම මත ආලේප කිරීමට ගන්නා Ointments, creams,ඇසෙහි ආලේප කිරීමට යොදා ගන්නා oph-thalmic preparations,සඳහා non gritty fine powders, යොදා ගනු ලබයි. Particle sizes 50 -100 μm අතර විය යුතුයි.
PARTICLE-SIZE ANALYSIS
මෙහිදී අප PARTICLE-SIZE ANALYSIS හෙවත් PARTICLE-SIZE විශ්ලේෂණයක් සිදු කරගන්නා ආකාරය සොයා බලමු.
Sieving හෙවත් පෙරහණ් ක්‍රමය.
ඉතාම සරලම සහ බොහෝ දෙනෙකු භාවිතයට ගන්නා ක්‍රමය ලෙස මෙය ප්‍රචලිතයි. මූලිකවම සිදු වන්නේ පෙරණයට අදාල පවුඩර් කිසියම් බඳුනකට එක් රැස්කොට යාන්ත්‍රිකව ලබා දෙන කම්පනයක් මගින් ගැස්සීමකට ලක්කිරීමයි.ඉන් පසු එම බඳුනේ කෙළවරක ඇති සිදුරකින් එලියට කාන්දු වන පවුඩර් නියමිත පරිදි එක් රැස් කර ගැනීමයි.තිරස් ආකාරයක පෙරනයක් මෙහිදී සිදු වන බැවින් අවසන් මිශ්‍රණය තුල ආකාර කිහිපයක් ප්‍රමාණයන් හෙවත් PARTICLE-SIZE දැක ගත හැකිය.
බහුල වශයෙන්ම පෙරණයන් සඳහා භාවිතා කරන පෙරහණ් පටන් ගන්නේ අඟලට සිදුරු 400යෙනි.ඇමරිකාවේ දී මෙය ආකාර දෙකක මිණුම් ආකාරයන් දැක ගත හැකියි ඒවා නම්,
·         Tyler standard
·         US standard (ASTM E11-70) ආකාරයන්ය.


මේ ආකාරයන් දෙකෙහි එතරම් විශාල වෙනස් කම් දැක ගත නොහැකියි.ඒ නිසා ඕනැම විටෙක මේ ආකාර දෙක අතරතුර මාරු කර භාවිතා කර හැකි බව කිවයුතුයි.

Mesh Conversion Table ASTM Sieve No. (mesh/inch)
Sieve opening (mm)
400
38
325
45
270
53
230
63
200
75
170
90
140
106
120
125
100
150
80
180
70
212
60
250
50
300
45
355
40
425
35
500
30
600
25
710
20
850
8
2,360
Microscopy හෙවත් අනිවීක්ෂිය භාවිතය.
මෙහිදී සිදු කරනු ලබන්නේ Particle sizes මැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සමචතුරස්‍රාකාර පසුබිමක තබා මැන බැලීමයි (calibrated grid background)  අනවීක්ෂීය ඡායාරූප පරිඝණකයක් වෙත යොමු කර ඒ ආශ්‍රයෙන් ලබා ගන්නා තොරතුරු මත සිදු කෙරෙන විශ්ලේශනයකි.මෙයි සිදු කරන්නා  image analyzer විය යුතුයි.
ආලෝක අන්වීක්ෂයෙහි විභේදන බලය 0.2 μm.වේ.එයට වඩා වැඩි පුළුල් විභේදන පරාසයක් Electron microscopy භාවිතයෙන් ලබා ගත හැකිය.
Sedimentation Rate හෙවත් අවසාදන වේගය.
මෙහිදී සලකා බලන්නේ ද්‍රාවණය තුල ඇති අංශු ඒ මාධ්‍ය තුල ගුරුත්වයට එරෙහිව පහළට ගමන් කිරීමට ගත වන කාලයයි.මෙම ගණනය කිරීම ස්ටෝක් ගේ නීතියට (Stokes’ law) අනුව සිදු කරයුතුයි. ඒ සඳහා වූ සමීකරණය පහත වේ.
Untitled.png
·         dx/dt  is the rate of settling in cm/s
·         d is the diameter of the particle in cm
·         ρs is the density of the particles (g/cm3)
·         ρ0 is the density of the me-dium (g/cm3)
·         g is the acceleration due to gravity (981 cm/s2)
·         η0 is the viscosity of the medium in poise (g/(cm·s)



Coulter Counter ක්‍රමය.
 කිසියම් අවලම්බිත ද්‍රාවනයක් තුලට විද්‍යුත් විච්ඡේදක ද්‍රාවනයක් යොදා එමගින් අංශුන් වල ප්‍රමාණයන් නීර්ණය කිරීම මෙමගින් සිදු කරයි.අංශු කිසියම් විවරයක් තුලින් ගමන් කිරීමට සැලැස්වීම තුලින් විද්‍යුතයේ සිදුවන වෙනස්කම් නිරීක්ෂණයට ලක් කිරීම කල යුතුයි.අංශු වල ප්‍රමාණය නිර්ණය කිරිමේ දී ඒවා ගෝලාකර බවට පූර්ව නිගමනයකින් යුක්තව ගණනය කිරීම් ආරම්භ කල යුතුයි.

Light Scattering හෙවත් අලෝක ප්‍රකිරණයට ලක් කිරීමේ ක්‍රමය.
 මෙය ස්වයංක්‍රීයව ක්‍රීයාත්මක වන උපකරණයකි.මෙහිදී යොදා ගනු ලබන්නේ ආලෝක ප්‍රකිරණ මූලධර්මයන්ය.මෙම ක්‍රමයේ වාසියක් නම් ද්‍රව ආකාර හෝ පවුඩර් ආකාර යන දෙආකාරයටම යොදා ගත හැකි වීමයි.

Gas Adsorption හෙවත් වායු අවශෝෂණ ක්‍රමවේදය.
පවුඩර් ලෙස ඇති සංඝටකය මත මුදා හරිනු ලබන අක්‍රීය වායුවක් වන (N2) මගින් පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය ගණනය කිරීමක් සිදු කිරීමක් සිදු කරයි.ඒ සිදු කරන්නාවූ ගණනය කිරිම මගින් PARTICLE-SIZE.

DISADVANTAGES OF THE POWDER DOSAGE FORM පවුඩර් ආකාරයේ ඖෂධයන් වල දක්නට ලැබෙන දුර්වලතා

මේ ආකාරයේ දක්නට ලැබෙන දුර්වලතා පහත ආකාරයට ගෙන හැර දැක්විය හැකිය.

·         රෝගියා විසින් වැරදි ආකාරයට භාවිතා කිරීමේ වැඩි ඉඩකඩක් දක්නට හැකියි,නිවැරදි තොරතුරු නොමැතිව.සමහර විට රෝගියා මුඛ මාර්ගයෙන් ගැනීමට ඇති බෙහෙතක් නාසයට තබා ඉරීමක් වැනි අත් වැරැද්දක් සිදු වීමට ඉඩකඩක් ඇති.තවද ඔබ දැනගත යුතුයි මේ බෙහෙත් ගැනීමට ප්‍රථම එය ජලයේ දියකර සාදා ගත යුතුද නැතිනම් පවුඩර් ආකාරයටම මුඛ මාර්ගයෙන් ගත යුතුද යන්න.

Comments

Popular posts from this blog

ස්වාභාවික ලෙසම ශරීරයෙන් Triglycerides අඩු කරගන්නා ආකාරයන් කිහිපයක්…

ඔබගේ Triglycerides මට්ටම ඉහල ගොස්ද? ඔබ නොදන්නවා වෙන්න පුලුවනි,ඒත් Triglycerides මට්ටම ඔබටම පහල දමා ගන්නට පුලුවන් ක්‍රම කිහිපයක් ඇති බව.නැවත වරක් හදවතේ යහ පැවැත්ම යථා තත්වයකට ගන්ට ඔබටම හැකි බව. මොනවද මේ Triglycerides කියන්නේ? බොහෝවිට මේ වචනය ඔබ කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කර ඇති සෑම විටකම අසා ඇති.නමුත් කිසිවිටෙක ඒ ගැන සොයා බැලුවද? Triglycerides ශරිරයේ රුධිරයේ අඩංගු මේද ප්‍රමාණයක දර්ශකයකි.සාමාන්‍ය ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ නිරා ආහාරව ඉඳ ලබාගත් රුධිර සාම්පලයක එම අගය 125ක් විය යුතුයි.වඩාත් සුදුසු අගය හෙවත් optimal level 100 අඩුවෙන් තිබිය යුතුයි. තිබිය හැකි උපරිම සිමාව 150 සිට 199 දක්වා සඳහන් කරන්නත් පුලුවන්,රෝගී අවස්ථාවකදී නම් මෙම අගය 200ක් හෝ ඊට වැඩි අගයකි. එනම් මෙම අගයන් වැඩිවීමක් දක්නට ලැබෙනව නම් එයින්, හෘද රෝගයක්  සෑදීමට හෝ එයින් මරණයට පත් වීමේ හැකියාවක් ඇති  සංඥාවක් බව දැන ගත යුතුයි.විශේෂයෙන්ම ශරීරයේ HDL හෙවත් හිතකර කොලෙස්ටරෝල් අඩු වීමක් හා LDL හෙවත් අහිතකර කොලෙස්ටරෝල් අගය වැඩි අගයක් තිබුණත්, මේ Triglycerides ද ඇතුලිව සියල්ලම ධමණි නාළ වල ඝණකම වැඩි කිරීමට බලපායි. T...

ආර්තව දින ප්‍රමාදයට Primolut N 5mg.

ලොව සුපතල Bayer ආයතනයෙන් ලොවට හඳුන්වා දුන් Primolut N 5mg. ඉහල ප්‍රමිතියකින් හා ගුණාත්මකභාවයකින් යුත්  ඖෂධයකි. මුඛ මාර්ගයෙන් ලබා ගත යුතු පෙත්තකි.මෙහි භාවිතාවන් කිහිපයක් ඇත.ප්‍රධාන ම වශයෙන් කාන්තාවන් ආර්තව දින ප්‍රමාද කර ගැනීමට මෙය ලබා ගනී. මෙහි ඇති වටිනාකමට හේතු වන්නේ ලොව විශිෂ්ට ආයතන නාමයකින් මෙම බෙහෙත වෙළඳපොළ කරා පැමිණිමයි. අපි හොයා බලමු මේ බෙහෙත කොහොමද ලබා ගන්නේ සහ මොනවද අප දැන ගත යුත්තේ කියා.  Primolut N 5mg.භාවිතා කරන්නේ  මොනවාටද? Primolut N 5mg. යනු ඉහත සඳහන් ලොව සුපතල Bayer ආයතනයෙන් ලොවට හඳුන්වා දුන් සන්නාම නාමයයි.මේ බෙහෙත ආර්තව දින ප්‍රමාද කිරීමට උපයෝගී කරගනු ලබයි.මෙය කිසි සේත්ම උපත් පාලන පෙත්තක් ලෙස ර්‍කයා නොකරන බව මතක තබා ගන්න.මේ බෙහෙතට ගර්භණිභාවය කිසි සේත් නැති කිරීමේ හැකියාවක් නැත. මෙහි අඩංගු වන්නේ Norethisterone (Progestogen) නමැති කාන්තා හෝමෝනය  මගින් ආර්තවය සිදු වන කාල සීමා වෙනස් කල හැකිය. තවද ආර්තවය ඉතා දිගුවට සිදුවෙන සහ අක්‍රමවත් ආකාරයට සිදු වේ නම්ද මේ බෙහෙත ලබා දෙනු ලබයි.Endometriosis වැනි තත්වයකදී ද මේ බෙහෙත ලබා දෙයි.Pre-menstru...

2018 external pharmacy exam paper with answers

Ceylon Medical College Council Pharmacists' Examination (External) - November 2018 MCQ Paper : �� Exam Overview ●  Date : 17.11.2018 ●  Time : 9.00 a.m. – 12 noon ●  Duration : 3 hours (suggested: 110 minutes for MCQ, 70 minutes for SEQ) ●  Instructions : Answer all 50 multiple-choice questions. ✅ Sample of Extracted Questions (1–5) 1. True or False: Storage Recommendations ●  A. Bisacodyl suppositories should be stored between 2–8℃. ✅ True ●  B. Vitamin A and D capsules should be stored away from light. ❌ False ●  C. Amoxicillin capsules should be stored below 25℃. ✅ ●  D. Heparin injection should be stored between 2–8℃. ✅ True ●  E. Tetanus toxoid is recommended to be stored in the freezer. ❌ False 2. Advice: “Dissolve in water or take with water” ●  A. Ketoprofen capsules ❌ ●  B. Aluminium hydroxide tablets ✅ ●  C. Doxycycline dispersible tablets ✅ ●  D. Aspirin tablets ❌ ●  E. Metformin tablets ✅ 3. True or False...