Skip to main content

හිසකෙස් රැක ගන්න ආහාර වර්ග 10ක්



දිදුලන කෙස් කළඹක හිමිකාරීත්වයකට ඔබ ආහාරයට එක් කර ගත යුතුම ආහාරමය අතිරේකයක් තමයි Omega-3 කියන්නෙ. හිසකෙස් වල දිදුලන බව එනම් දිස්නය වැඩි වී ඝණ කෙස් කළඹක් පවත්වා ගන්න මෙය මහත් උපකාරීවෙයි.Omega-3 ලබා ගන්න පුලුවන් ආකාරයන් අපි දැන් සොයා බලමු.


1) සැමන්,සාඩින්,හා මැකරල් මාළු වල මේවා වැඩි වැඩියෙන් දකින්න පුලුවන්.

මේ කියන Omega-3  අප ශරීරය තුල නිපදවා ගත නොහැකි සංඝටකයක් බැවින්, ඒවා අප ගන්නා ආහාර මගින්ම සපුරාගත යුතුයි.ආහාර මගින් හෝ ආහාරමය අතිරේක මගින් එය සපුරා ගන්න පුලුවන්.මෙහි ඇති තවත් වාසියක් තමයි Omega-3 වලට බෝවන රෝග රැසකින් ආරක්ෂාවක් සපයන්නත් පුලුවන් කමක් ඇති බවයි.

2) වැඩිපුර යෝගට් ආහාරයට ගන්න.
යෝගට් ප්‍රෝටීන වලින් අනූනයි.මෙමගින් හිස් කබලට මෙන්ම කෙස් ගසට මනා රුධිර සැපයුමක් ලබා දෙයි.මෙහිදී මූලික වන්නෙ එහි අඩංගු vitamin B5- pantothenic acid.එමගින් හිසකෙස් තුනී වීම සහ හිසකෙස් ගැලවී යාම බොහෝ දුරට වලක්වාලයි.හිසකෙස් ගල්වන ආලේපන වර්ග බොහොමයක් ඔබ විමසිලිමත් ලෙස බැලුවොත් මේ සංඝකය ඔබටම දැක ගන්නට පුලුවන්. එය ඒ තරම් සුලබ ලෙසම යොදා ගන්නා අමුද්‍රව්‍යයකි.             

3) නිවිති.
තද කොල පැහැ පළා වර්ග ආහාරයට එක් කර ගැනීම ඉතාම සුදුසුයි.ඒ අතරින් නිවිති ප්‍රධාන තැනක් හිමි කරගෙන සිටින බව සතුටින් කියන්න කැමතියි.විටමින් ඒ  Vitamin A,යකඩ,කැරොටින්,ෆෝලේට්,සහ විටමින් සී වලින් එය පරිපූර්ණයි.හිස්කබලේ නිරෝගීමත්භාවයට මේවා බෙහෙවින් උපකාරීවෙයි.හිස කෙස් කැඩීයාම නවතාලීමට මේවා දායකවෙයි.හිසකෙස් වියලි බවෙන්ද ආරක්ෂා කරයි.

4) පේර ආහාරයට එක් කරගන්න.
ඝර්ම කලාපීය පළතුරක් වන පේර විටමින් සී Vitamin C අනූන පළතුරකි. කෙස් කැඩීයාම වලකාලයි.දිනකට අවශ්‍ය Vitamin C ප්‍රමාණය මෙන් හතර ගුණයක් පේර ගෙඩියකින් ඔබට ලබා ගන්න පුලුවන්.ඔබත් අදම පේර ගෙඩියක් දිනපතා ආහාරයට එක්කර ගන්න.


5) යකඩ අඩංගු කර සාදා ඇති ධාන්‍යයමය අතිරේකයන්.

යකඩ ස්වල්පයක් හෝ අඩු වුනොත් එය තදින් හිසකෙස්වල නීරෝගිමත්භාවයට බලපානව.නමුත් යකඩ අඩංගු කර සාදන ලද ධාන්‍යයමය අතිරේක,වෙනත් ධාන්‍ය වර්ග වලින් වගේම,සෝයා බෝංචි, පැස්ටා ආහාරයට එක්කර ගැනීමෙන් ඌනතාව වලකා ගන්න පුලුවන්. හරක් මස් හා අක්මා කොටස යකඩ බහුලව ම මෙන් ම සුලබවම ආහාරයට එක්කර ගන්න පුලුවන්.තද කොළ පැහැති පළා වලද යකඩ බහුලයි.

6) කුකුළ් මස්  
ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන ශරීරයට නොලැබී යනවිට හිසකෙස් හි නිරෝගීභාවද දිනෙන් දින නැතිවී යයි. එහිදී ප්‍රෝටීන ප්‍රභවයන් ලෙස ආහාර වේලට හරක් මස් සහ ඌරු මස් එක්කර නොගෙන කුකුල් මස් ආහාරයට එක් කර ගැනීමෙන් විශාල වාසියක් අත් කර ගන්න පුලුවන් ඒ කුමක්ද යත්,සංතෘප්ත් මේද අම්ල අඩු මට්ටමක් සහිත කුකුල් මස් හිතකර බවයි එමගින් හෘද රෝගද වලකා ගන්නට පුලුවන්.


7) අර්තාපල් ආහාරයට ගැනීම

හිස කෙස් වියලි වෙලා දිදුලන බවක් දකින්නට නැත්නම් ආහායට එක්කර ගත යුතුම තවත් එක් ආහාරයක් තමයි අර්තාපල්.මේවා ප්‍රති ඔක්සිකාරකයක් වන බීටා කැරොටින් වලින් පර්පූර්ණයි.අප ශරීරය තුලදී මේවා විටමින් A බවට පත් වෙනව.එමගින් වියලි බව,මලානික බව නැති කරනව.හිස කෙස් ගස ආශ්‍රිතව පවතින තෙල් නිපදවන ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය වැඩි කරනව.එනම් Sebum නිපදවීම වැඩි කරනව.හිසකෙස් වියෑලීම එයින් නවතනවා.මේ බීටා කැරොටින් තැඹිලි පැහැති එළවලු සහ පළතුරු වල විශාල ලෙස තියෙනව
උදාහරණ විදියට , කැරට්, විශේෂ වට්ටක්කා වර්ග,කැන්ටලූප් හා අඹ කියන්න පුලුවන්.


8) කුරුඳු රුධිර සංසරණය ක්‍රමවත් කරයි.
ඔබ ආහාරයට ගන්නා කුමක් හෝ  සමග කුරුඳු කැබැලි හෝ පවුඩර් ලෙස ආහාරයට එක්කර ගන්නේ නම් වඩා හොඳයි. ඕට්ස් සමග, කෝපි වැනි පානයන් සමග වුවද ගුණ දායකයි.එමගින් හිසකෙස් වලට මනා පෝෂණයක් හා ඔක්සිජන් සැපයුමක් ලබාදෙයි.


9) බිත්තර ආහාරමය අතිරේකයක්.

ඔබගේ දෛනික යකඩ සහ ප්‍රෝටීන අවශ්‍යතාවය   බිත්තර ආහාරයට ගැනීමෙන් සැපිරෙයි.විටමින් B සහ බයොටින් වලින් එවා අනූනයි. හිසකෙස් වර්ධනයට උපකාරීවෙයි.බයොටින් නිරෝගී නියපොතු පවත්වා ගැනීමටත් උපකාරීවෙයි.


10) බෙල්ලන් ආහාරයට එක්කර ගැනීම
Zinc බහුල ආහරයකි.මේ අමුද්‍රව්‍යය නිසි පරිදි ඔබගේ ආහාරයේ නොතිබුනොත්,හිසකෙස් ගැලවීයාමකට ඉඩ තියෙනව.ඇහිබැම පවා ගැලවීයාමට හැකියි.සින්ක් බහුල ආහාර ලෙස හරක් මස්,බෙල්ලන්,කකුළුවන්,හා සින්ක් එක්කර සාදා ඇති ධාන්‍යමය අතිරේකයන් කියන්නට පුලුවන්.



Comments

Post a Comment

Popular posts from this blog

ස්වාභාවික ලෙසම ශරීරයෙන් Triglycerides අඩු කරගන්නා ආකාරයන් කිහිපයක්…

ඔබගේ Triglycerides මට්ටම ඉහල ගොස්ද? ඔබ නොදන්නවා වෙන්න පුලුවනි,ඒත් Triglycerides මට්ටම ඔබටම පහල දමා ගන්නට පුලුවන් ක්‍රම කිහිපයක් ඇති බව.නැවත වරක් හදවතේ යහ පැවැත්ම යථා තත්වයකට ගන්ට ඔබටම හැකි බව. මොනවද මේ Triglycerides කියන්නේ? බොහෝවිට මේ වචනය ඔබ කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කර ඇති සෑම විටකම අසා ඇති.නමුත් කිසිවිටෙක ඒ ගැන සොයා බැලුවද? Triglycerides ශරිරයේ රුධිරයේ අඩංගු මේද ප්‍රමාණයක දර්ශකයකි.සාමාන්‍ය ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ නිරා ආහාරව ඉඳ ලබාගත් රුධිර සාම්පලයක එම අගය 125ක් විය යුතුයි.වඩාත් සුදුසු අගය හෙවත් optimal level 100 අඩුවෙන් තිබිය යුතුයි. තිබිය හැකි උපරිම සිමාව 150 සිට 199 දක්වා සඳහන් කරන්නත් පුලුවන්,රෝගී අවස්ථාවකදී නම් මෙම අගය 200ක් හෝ ඊට වැඩි අගයකි. එනම් මෙම අගයන් වැඩිවීමක් දක්නට ලැබෙනව නම් එයින්, හෘද රෝගයක්  සෑදීමට හෝ එයින් මරණයට පත් වීමේ හැකියාවක් ඇති  සංඥාවක් බව දැන ගත යුතුයි.විශේෂයෙන්ම ශරීරයේ HDL හෙවත් හිතකර කොලෙස්ටරෝල් අඩු වීමක් හා LDL හෙවත් අහිතකර කොලෙස්ටරෝල් අගය වැඩි අගයක් තිබුණත්, මේ Triglycerides ද ඇතුලිව සියල්ලම ධමණි නාළ වල ඝණකම වැඩි කිරීමට බලපායි. T...

ආර්තව දින ප්‍රමාදයට Primolut N 5mg.

ලොව සුපතල Bayer ආයතනයෙන් ලොවට හඳුන්වා දුන් Primolut N 5mg. ඉහල ප්‍රමිතියකින් හා ගුණාත්මකභාවයකින් යුත්  ඖෂධයකි. මුඛ මාර්ගයෙන් ලබා ගත යුතු පෙත්තකි.මෙහි භාවිතාවන් කිහිපයක් ඇත.ප්‍රධාන ම වශයෙන් කාන්තාවන් ආර්තව දින ප්‍රමාද කර ගැනීමට මෙය ලබා ගනී. මෙහි ඇති වටිනාකමට හේතු වන්නේ ලොව විශිෂ්ට ආයතන නාමයකින් මෙම බෙහෙත වෙළඳපොළ කරා පැමිණිමයි. අපි හොයා බලමු මේ බෙහෙත කොහොමද ලබා ගන්නේ සහ මොනවද අප දැන ගත යුත්තේ කියා.  Primolut N 5mg.භාවිතා කරන්නේ  මොනවාටද? Primolut N 5mg. යනු ඉහත සඳහන් ලොව සුපතල Bayer ආයතනයෙන් ලොවට හඳුන්වා දුන් සන්නාම නාමයයි.මේ බෙහෙත ආර්තව දින ප්‍රමාද කිරීමට උපයෝගී කරගනු ලබයි.මෙය කිසි සේත්ම උපත් පාලන පෙත්තක් ලෙස ර්‍කයා නොකරන බව මතක තබා ගන්න.මේ බෙහෙතට ගර්භණිභාවය කිසි සේත් නැති කිරීමේ හැකියාවක් නැත. මෙහි අඩංගු වන්නේ Norethisterone (Progestogen) නමැති කාන්තා හෝමෝනය  මගින් ආර්තවය සිදු වන කාල සීමා වෙනස් කල හැකිය. තවද ආර්තවය ඉතා දිගුවට සිදුවෙන සහ අක්‍රමවත් ආකාරයට සිදු වේ නම්ද මේ බෙහෙත ලබා දෙනු ලබයි.Endometriosis වැනි තත්වයකදී ද මේ බෙහෙත ලබා දෙයි.Pre-menstru...

2018 external pharmacy exam paper with answers

Ceylon Medical College Council Pharmacists' Examination (External) - November 2018 MCQ Paper : �� Exam Overview ●  Date : 17.11.2018 ●  Time : 9.00 a.m. – 12 noon ●  Duration : 3 hours (suggested: 110 minutes for MCQ, 70 minutes for SEQ) ●  Instructions : Answer all 50 multiple-choice questions. ✅ Sample of Extracted Questions (1–5) 1. True or False: Storage Recommendations ●  A. Bisacodyl suppositories should be stored between 2–8℃. ✅ True ●  B. Vitamin A and D capsules should be stored away from light. ❌ False ●  C. Amoxicillin capsules should be stored below 25℃. ✅ ●  D. Heparin injection should be stored between 2–8℃. ✅ True ●  E. Tetanus toxoid is recommended to be stored in the freezer. ❌ False 2. Advice: “Dissolve in water or take with water” ●  A. Ketoprofen capsules ❌ ●  B. Aluminium hydroxide tablets ✅ ●  C. Doxycycline dispersible tablets ✅ ●  D. Aspirin tablets ❌ ●  E. Metformin tablets ✅ 3. True or False...