“ ඔබ යනු ඔබේ සිතුවිලිය, ඔබ සිතන දේ ඔබේ ජීවිතයේ යතාර්ථය බවට පත්වේ ”
බෙහෙත් හේත් නවතම ලිපියක් ලඟදීම

ඇස් කැසීමක්ද?

ඇස් කැසීමක්ද?

ඇයි එහෙම වෙන්නේ සහ කුමක්ද අපට කල හැක්කේ.


ලිව්වේ නුවන් චින්තක.


කැසීම් බොහෝ විට ඉතා සුලුවෙන් පටන් ගෙන කාලයත් සමග ඉතා තදබල ආසාධිත තත්වයක් කරා ම යාමට හැකිය.අක්ෂි රෝග නිවාරණ මධ්‍යස්ථානයක දිනකට පැමිණෙන බොහෝ පිරිසක් මේ රෝගී තත්වයෙන් පීඩා විඳ පිලියම් සොයමින් පෝළිම් වලට වී සිටීම ඉතාම සුලභය.මෙයට එක් ප්‍රධාන හේතුවක් ලෙස අසාත්මිකතා තත්වයන් හඳුනාගත හැක.ඔබත් මෙවැනි රෝගී තත්වයකින් පිඩා විඳිනවාද?

එහෙනම් ඔබ පළමුවකල යුත්තේ,මෑතකදීම ඔබ මිලදී ගෙන පාවිච්චි කරන ර්‍ක්‍රම් වර්ගයක්,සබන් වර්ගයක්,හෝ රූපලාව්‍යයට අදාල ද්‍රව්‍යයක් නිසා දැයි, මේ ආසාධිත තත්වයට මුල වී ඇත්තේ යන්න සොයා බැලීමයි.ඇස් බොහෝවිට මල්පරාග,දුහුවිලි,හා සත්ව ලොම් විශේෂයෙන්ම සුරතලට නිවසේ ඇති කරන බළලුන් හා බල්ලන් නිසා  අසාත්මිකතා තත්ව ඇති කරවයි.මෙවැනි දේවල් වලින් ඔබ ඈත් විය යුතුයි.හැකි සෑම වේලාවකම,පුළුවන් නම් ඇස සේදීම සඳහා සේලයින් වතුර භාවිතා කරන්න.ප්‍රති අසාත්මිකතා පෙති හෝ දියර ආකාර භාවිතා කරන්නත් පුළුවනි.

රෝග ලක්ෂණ පහ ව යන තුරු සිවි කාච හෙවත් Contact lenses පැලඳීමෙන් වැලකී සිටීම බොහොම හොඳයි.

සිවි කාච පැලඳීම ඇස් වල කැසීම් ඇති කිරීමට හේතු වෙයි.යම්කිසි පළුදු වීමක් ඇති අවස්ථාවක හෝ නිවැරදිව පිරිසිදු කිරීම් වලට ලක්නොකර පැලඳීමෙන් මේ තත්වය වඩා බරපතල විය හැකියි.තවද නිවැරදී ප්‍රමාණයේ සිවි කාචයක් නොපැලඳීම තුල තත්වය තත්වය තවත් බරපතලය.නිවැරදී ව ලබා දී ඇති උපදෙස් මත පමණක් කාච පිරිසිදු කිරීමේ ර්‍ක්‍රයාවලිය සිදු කරන්න.

තවත් කරුණක් ලෙස Dry eye syndrome හැඳින්විය හැකියි.මෙයට හේතු වන්නේ ප්‍රමාණවත් තරම් ලිහිසි කාරකයන් ඇස තුල ස්වාභාවිකව නිපද නොවීමයි.මේ සඳහා හේතු කිහිපයක් කියන්න පුලුවන්, වයසට යාමත් සමග ඇතිවන තත්වයන්,ලේසර් කිරණ මගින් සිදු කරන ශල්‍යකර්මයන් හේතුවෙන් සිදුවන යම්කිසි සංකූලතාවයන්,හෝ ඔබ ගන්නා සමහර බෙහෙත් වර්ගයන් නිසා උදාහරණ (Decongestones,Antidepressants) දුම්පානය,ඇසිපිය නොගසා බොහෝ වේලාවක් සිටීමත්,වියලි පරිසරික තත්වයන් තුල සිටීමත් දැක්විය  හැකියි.සේලයින් වතුර,කෘත්‍රීම කඳුලු ලිහිසි කාරක(Lubricants) ආදී,අපහසුතා මැඩ ගැනීමට භාවිතා කල හැකියි.

මීට අමතරවත් යම් කිසි අපහසුතාවයන් පවතී නම් සමහර විට ඇසෙන් දියර වැනි යමක් ගැලීමක්,උගුරේ යම් කිසි ආසාධිත තත්වයක්,දැඩි වේදනාවක්,පෙනීමේ අපහසුතාවයක්,ඔබට වෛද්‍යය උපදෙස් පැතිය යුතු අවස්ථාවකි.ඇස් රතු වීම පිලිබඳ,කැසීමක්,දියර ගැලීමක් සමහර විට අප හිතනවාට වඩා විමසිලිමත් විය යුතු දෙයක් බවයි.


2018 external pharmac exam paper with answers

Ceylon Medical College Council Pharmacists' Examination (External) - November 2018 MCQ Paper : �� Exam Overview ●  Date : 17.11.2018 ● ...