Wednesday, December 27, 2017

ආතතිය ඔබව රෝගී කරවයි.

ආතතිය ඔබව රෝගී කරවන කරුණු හතක් මම කියන්නම්.
1.) අසාමාන්‍ය ලෙස බර අඩු වීම.
ආතති තත්වයකදී සිරුරේ හෝමෝන මට්ටම් වෙනස් වෙයි.එමගින් කෝටිසෝල් හෝමෝනය නිදහස් වීමක් සිදුවෙයි.එයින් සිරුරේ තැන්පත් මේදය පරිවෘත්තිය වෙනස්කිරිමකට භාජනය කරයි. මේදය පමනක් නොවෙයි, ප්‍රෝටීන කාර්බෝහයිඩ්‍රේටද අයිතිවෙයි.ආතතිය නිසාම කෙනෙකු ගේ ආහාර ගැනීමේ වෙනස් කම් සිදු වෙයි,ඒ වඩා වැඩි ආහාර ප්‍රමානයක් ගැනීම හෝ පමනට වඩා අඩුවෙන් ආහාර ගැනීමක් ලෙස.
කල හැක්කේ කුමක්ද?
පුරුද්දක් ලෙස, ප්‍රෝටීන බහුල ඇට වර්ග ආහාරයට ගැනීම හොඳ පුරුද්දක් ,ආහාර අඩුවෙන් ගත් කෙනෙකු ට.පමනට වඩා අහාර ගන්නා කෙනෙකුට නම් ඒ මගින් හොඳ fibre ප්‍රමානයකුත් සිරුරට ලැබෙයි.
2.) කුෂ්ට රෝග හිටි හැටියේ සෑදීම .
ඔබ නිරන්තරයෙන්ම ආතතියෙන් පසුවන කෙනෙකු,නම් සිරුරේ නිරතුරුවම හිසටැමින් ස්‍රාවය දකින්නට පුලුවනි,එයින්ම සම මතුපිට කුෂ්ට දද වැනිදේ හට ගැනීමට විශාල ඉඩ කඩක් ඇත.ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තාවකාලිකව අඩාලවීමක් ආතතිය මගින් සිදුකරයි .සම මත දැවිලි ගති,ආසාදන තත්වයක් දක්වා යෑමට ඉඩකඩක් තිබෙයි.එය සමේ සංවේදීතාවය පවා නැති කරදැමීමටපසුබට නොවෙයි.
කල හැක්කේ කුමක්ද?
ශීත වතුරෙන් පොඟවන ලද පිරිසිදු තුවායකින් වසා තබන්න.නැතිනම් ප්‍රති අසාත්මිකතා පෙති භාවිතා කරන්න.
3.) මානසික ව්‍යාකූලත්වයට පත්වීම.
අති විශාල කෝටිසෝල් ප්‍රමාණයක් නිදහස් වීම තුල මානසික ඒකාග්‍රතාවයට දැඩි ලෙස හානිකරයි.මානසික සමතුලිතතාවය ද බිඳ දමයි.මතකය පිලිබඳ ප්‍රශ්න ඇති කරයි.කේන්ති යාම..භින්නෝන්මාදය දක්වා ම මෙය ගමන් කල හැකිය.
4.) හිසේ කැක්කුම .
ආතතියට ලක් වූ ඔබ තුල ශරීරයේ මාංශපේෂි තද වීමකට ලක් වීම බොහොම සුලභ ලක්ෂණයක්.එම නිසාම හිසරදයක් ඇති වීම ස්වභාවිකයි. ඉරුවාරදයට හැරීමටද ඉඩ කඩක් තිබෙයි.ආතතිය මේ සියල්ල ඉහල දමනවා නිසැකය.
කල හැක්කේ කුමක්ද?
වේදනා නාශක ගැනීමේ අකමැත්තක් තිබේ නම්,ලැවැනඩර් හෝ පෙපර්මින්ට් තෙල් ආරම්භයේදීම නළල මත දමා සම්භාහනය කරන්න.
5.) ආමශගත තුවාල.
ආතතියට පුලුවන් ඔබගේ ආමාශගත අම්ල ප්‍රමානාත්මකව වැඩි කරන්න.එය බඩ-පපුව දැවීමක් දක්වා වැඩි විය හැකිය.එමගින් ආමාශය හිස් වන කාලයද වඩා පසුගාමී කරවයි.මේ හේතු නිසා ජීර්ණ  ක්‍රියාවලියෙදී නිපදවෙන වායු හා අතුරුපල බඩවැල්තුල පසුවන කාලසීමාවද වැඩි කරයි.එමගින් cramps, හා බඩබුරුලට යාම වැනි විවිධ සංකූලතා ඇති විය හැකියි.
කල හැක්කේ කුමක්ද?
ප්‍රතිඅම්ලකාරක පෙති දෙකක් ගැනීම...හෝ ඉඟුරු අඩංගු තේ පානය කිරිම.
6.) හිස කෙස් සැලී යාම.
ආතතිය ඍජුවම හිසකෙස් සැලීයාමට බලපායි.ආතතිය මත ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙයි,එයම හිසකෙස් සැලීමට හේතු කාරනාවක් වෙයි.
කල හැක්කේ කුමක්ද?
ඉවසන්න.ආතතිය පාලනය කරගෙන සාමාන්‍ය තත්වයට පැමිණි විගසම හිසකෙස් වැවීම පෙර පරිදි සිදුවීමට පටන් ගනීවි.
7.) සෙම්ප්‍රතිශ්‍යාව
ආතතිය මගින් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පහලට දමයි.එමගින් සිදුවන්නේ විෂ බීජයන්ට එරෙහිව ශරීරය සටන් කිරීම දැඩි අපහසුතාවයකට ලක්වීමයි.නවතම ගවේෂණයකින් සොයාගෙන ඇත්තේ ආතතියකින් පසුවන පුද්ගලයන් ඉතා පහසුවෙන් උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව ට ගොදුරු වන බවයි.
කල හැක්කේ කුමක්ද?
දැක්වෙන ආකාරයට,පලමු පැය 24 තුල ලොසිංජයක් (උගුර ආසාදනයට පිලියෙල කර ඇති), හෝ Zn අඩංගු විටමිනයක් භාවිතා කිරීමෙන් බොහෝ දුරට ප්‍රතිඵල ලබා දෙනබවයි. තවද ආතතියෙන් මීදීමට ,භාවනා ක්‍රම, නිසි ආහාර(සෞඛ්‍ය සම්පන්න),දිනපතා ව්‍යායාමයන්හි යෙදීම,නිසි පරිදි නින්දක් ලබාගැනීමද සඳහන් වෙයි.මන්ද, මේ සියල්ල මගින් ඔබගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහල යන බැවිනි.

Monday, February 20, 2017

නව්‍යකරණය…

 

බෙහෙත් හේත් පිටුව නව්‍යකරණයට ලක්කිරීමේ පලමු වෑයම.

බොහෝ කලකට පසු නැවතත් ලිපියක් සම්පාදනය කර ,ඔබ වෙත ලබා දීමට පුංචි ඉඩක් ලද මොහොතකි මේ.

 

2016.ජුනි 13 වැනිදායින් පසු නැවත මේ ලිපිය ලිවීමට මා හට උනන්දුවක් ඇති කලේ මා කියැවූ ලිපියක් නිසාවෙනි.එම ලිපියේ පරිවර්තන ලිපියක් මේ සමග ගෙන ඒමට මා බලාපොරොත්තු වෙමි.

 

ස්තුතියි…!!

Monday, June 13, 2016

Psoriasis (සොරයිසිස්) ගැන කරුණු 6ක්.




රෝගී තත්වයන් අවම මට්ටමක පවත්වා ගැනීමකට……

ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ශරීරයට  වැරදි විදියකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම රෝගී තත්වය ඇතිවන බව කිව හැකිය.
 අප ශරිරය තුල ඇති සුදු රුධිරාණු සෛල මගින් අප ශරීරයේම නිරෝගී සෛල විශේෂයෙන් ම සම මත ඇති සෛල ගොනු වෙත‍ එල්ල කරන ප්‍රහාරයක් ලෙස සැලකිය හැකිය.සැලකිය යුතුයි මෙම රෝගී තත්වය පුද්ගලයකුගේ  පුද්ගලික පවිත්‍රතාවයේ අඩු පාඩු වක් නිසා සුදුවන්නක් නොවන බව.එසේම Psoriasis බෝ නොවන රෝගයක් ද වන බව.ස්පර්ශයෙන් මෙය ආසාදනය වන්නක් නොවන බව.

සමහර බාහිර සාධකයන් ඔස්සේ මේ රෝගී භාවය උත්සන්න කර විය හැකිය.. ඒ කරුණු අතර මේවා ප්‍රමුඛත්වයක් ගනී.
  1. මානසික ආතතිය.
  2. කල් පවතින තුවාල ආසාදිත තත්වයන්.
  3. බොහෝ කලක සිට මධ්‍යසාර පානයට නතුව සිටීම.
  4. දුම් පානය.
  5. ආර්තවහරණය.
  6. සමහර ඖෂධ වර්ග ගැනීම.
Psoriasis නම් රෝගී තත්වය වර්ග කිහිපාකාරයක් දැක ගැනීමට හැකිය. බොහෝ විට දක්නට ඇත්තේ දණහිස් මත ඇතිවන කොරොස් සහිත පැහැයෙන් රත් පැහැ ගත් පැල්ලම් ය. තවද මේවා වැළමිට,ගෙල පෙදෙස් වලද සුලභව දැක ගත හැකිවනු ඇත.
ඇඟිලි,හිස් කබළ,ලිංගාශ්‍රිතවද පැතිර යා හැකිය.මේ රෝගී තත්වයට නිට්ටාවට සුව කල හැකි රෝගයක්නොවේ.නමුත් ප්‍රතිකර්ම ක්‍රම කිහිපයක් මගින් බොහෝ දුරකට හෝ සහ මුලින්ම රෝග ලක්ෂණ සුවපත්කි රීමක් සිදු කර ගත හැකිය.Ixekizumab දැනට සොයාගෙන ඇති ඉදිරියෙන්ම සිටිනා 90% කට වඩා ප්‍රතිඵල පෙන්වා ඇති ඖෂධයයි.



Friday, December 4, 2015

කක්කල් කැස්ස ගැන යමක්. (Whooping Cough)

කක්කල් කැස්ස යනු දැනට දරුණු ගණයට වැටෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයකි. රෝගය පතුරවන්නේ bordetella pertussis නම් බැක්ටීරියාවයි. නමුත් වැඩිහිටි පුද්ගලයන් සඳහා මාරාන්තික තත්වයක් දක්නට නොමැති බවක් පෙන්වයි.මේ රෝගයේ රෝග වාහකයන් වන්නේ බොහෝදුරට වැඩිහිටි පිරිසය.මේ නිසාවෙන්ම කුඩා දරුවන් රෝගයට පාත්‍ර විමට මෙය බලපා තිබේ.බැක්ටීරියාවට එරෙහිව ප්‍රතිශක්තිය ඉහළ දැමීම තුලින් රෝගය පැතිර යෑමට තිබෙන ඉඩකඩ අහුරා දැමීමට පුලුවනි.

කොහොමද මෙය බෝ වන්නේ?…

ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ කැස්ස සහ කිඹුහුම් වායු ගෝලයට පිට කිරීම මගිනි.බැක්ටීරියාව ශරීරගත වී දින 7-10 පමණ ගත වූ පසු රෝග ලක්ෂණ දැක ගැනීමට පුළුවනි.එය ප්‍රධාන වශයෙන් කැස්ස ලෙසය.තවද,සොටු දියර ගැලීම,උගුර ප්‍රදාහයට ලක්වීමත් පවතී.මූලික වශයෙන් ඇති වන රෝග ලක්ෂණ බෝහෝ විට සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙස වරදවා තේරුම් ගැනීමට හැකිය.මේ හේතුව නිසාම බොහෝ වැඩිහිටියන් තමන් මේ රෝගයට පත් වී ඇති බවක් නොදන්නා බවක් ද සිදුවේ.

මෙය මාරාන්තික ද?…

2008 ලෝක සෞඛ්‍යය සංවිධානයේ දත්තයන්ට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් තුල,195,000 කට වඩා දරුවන් ප්‍රමාණයක් වසරකට මිය යන බව කියයි.සංවර්ධිත රටවල් වලද කුඩා දරුවන් වැඩියෙන් ගොදුරු වන බවක් පෙනේ.දියුණු රටවල් වල ලබාදෙන ප්‍රතිකර්ම වලට අනුව නම් 84%ක රෝග නිවාරණ ආරක්ෂාවක් තහවුරු කර ගැනීමට හැකියාවක් බෙහෙත් මාත්‍රා 3ක් ලබා දීමෙන්ම සැලසී  ඇත.ඒ අතරට booster doses ද ඇතුලත් කොට ඇති බව පවසයි.නමුත් එයට ඇති ප්‍රතිශක්තිමය හැකියාව කාලයත් සමග අඩු වන බවත්, එනම්අවම ලෙස වසර දහයකට වරක් වත්  නැවත නික්ෂේපණය කර ගැනීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Monday, August 10, 2015

Codeine Phosphate – කෝඩේන්

2015-08-10_174111 
  • මොකක්ද මේ?
වෛද්‍ය නිර්දේශ මත රෝගීන්ට ලබා දෙන ඖෂධයකි,වේදනා නාශකයකි.සාමාන්‍ය මට්ටමේ සිට මධ්‍යම මට්ටමේ වේදනා දක්වා පමණක් සමනය කිරීමේ හැකියාවක් දරයි.කැස්ස අඩු කිරීමේ හැකියාවකින්ද මෙය පොහොසත්ය.වෙනයම් ඖෂධ සමග මෙය ලබා දීමේ හැකියාවක් එනම් සංයෝග ආකාරයට නිශ්පාදනය වන බෙහෙත් අතර දැකිය හැකිය.
  • ව්‍යවහාරයේ යෙදෙන නම් මොනවාද?
T3s, AC/DC, Coties
  • කෝඩේන් ලබා ගත හැකි ආකාර කවරේද?
පෙති , කරල්, දියර (Syrup)  යන ආකාරයන්ට.                                              
codeine linctus-500x500codeine-detox

  • පාවිච්චි කල යුතු පිළිවෙල?
ගිල දැමීම මගින් මුඛ මාර්ගයෙන් ලබා දිය හැකියි.
  • මෙම ඖෂධය නිරන්තර භාවිතයේ භයානක බවක් තිබේද? 
codeine_addiction_939_x
ඔව්,නිතර නිතර ඇබ්බැහි වීමකට ලක් වුවහොත් එයින් අතුරු විපාක රැසක් අත් විය හැකියි.ඒ අතර ප්‍රධාන වශයෙන් හුස්ම ගැනීමේ අපහසුතා,ගිලීමේ අපහසුතා,ප්‍රධානයි.පළු දැමීමක්,කැසීමක්,පෙනීමේ යම් යම් වෙනස්කම්,වලිප්පුව,හෘදයේ ස්පන්ධන වේගයේ වැඩිවීමක් වැනි දේ බලාපොරොත්තු විය හැකියි.
  • ප්‍රධාන වශයෙන් ඇබ්බැහි වූවෙකු තුලින් දැකිය හැකි රෝග ලක්ෂණයන් මොනවාද?
ඔක්කාර ගතිය,මළ බද්ධය,මානසික අසංතුලිත භාවය,ශ්වසන නාල වල සිදුවන අවහිරතාවයන් මත සිදුවන හුස්ම ගැනීමේ අපහසුතාවයන්,හුස්මගත නොහැකිම තත්වයන්,සිහිකල්පනාව අඩු වීම,ඉයුපෝරියා හෙවත් සතුට දනවන සිතුවිලි පහළ වීම.නිනද්‍රාශීලී බව ,මානසික ඒකාග්‍රතාවය ගිලිහී යාම, ඇසේ කළු ඉංගිරියාවේ කුඩා වීම,භෞතික ක්‍රියාකාරකම් වල සිදුවිය හැකි වෙනස්කම්,ආහාර රුචි අරුචි භාවයේ වෙනස්කම් ප්‍රධාන ලෙසම කිව හැකියි.





අයිස් ද? උණුසුම් තාපය ද?

Wednesday, May 6, 2015

සුද්දා

උතුරු බි‍්‍රතාන්‍යයේ ආදි මිනිසුන්,
පුරාණ යුරෝපීයයන්ගෙන් පැවතෙන්නා වූ මිනිසුන්
සුලුරේනියානුවන් පමණට ගෙන
රෝමානුවන් සමග එකට තබන්න.

පසුව අඩුම ගානේ වසර හාරසියයකටවත් පසු
එයින් රෝමානුවන් ඉවත් කොට ප්‍රංශ නෝමන්වරුන් ජර්මන් සහ ස්කැන්ඩිනේවියානුවන් සමග පමණට වඩා මුසු කොට තදින් හැඳිගාන්න.

දැන් සැර චිලී වැසියන්,කූල් ජැමෙයිකානුවන් සමග බටහිර ඉන්දියානුවන් ගෙන හොඳට මිශ්‍ර කරගන්න.

ට්‍රිනිඩැඩ් හි පුරාණ වැසියන්,ඉතියෝපියානු ආදි වැසියන් සහ චීන්නුන්, වියට්නාම වැසියන්, සූඩානුවන්ට ද එලෙසටම.

සෝමාලියානුවන්,ශ්‍රී ලාංකිකයන්,නයිජීරියානුවන්,පාකිස්ථානුවන් ද එකට ගෙන කුඩු කර ගයනාවේ වැසියන්ද එයටම එක් කොට හොඳින් රත් වෙන්නට ඉඩ හරින්න.

ඉන්දියානුවන්,මැලේසියානුවන්,බොස්නියානුවන්,ඉරාක වැසියන්,බංගලාදේශ වැසියන්,ඇෆ්ගන්,ස්පැනිෂ්,තුර්කි,කුර්දි,ජපන්,
පලස්තීනුවන් ද එකට දමා දියවෙන තෙක් රත් කර ගන්න.

දැන් මිශ්‍රණය හොඳින් නටන තෙක් රත් කර ගත් පසු
ඒ සියලු මිශ්‍රණයන් සුද්දන් සමග දමා හොඳින් මිශ්‍ර කර ගන්න.

අවසන් මිශ්‍රණය හොඳින් නිවෙන්නට ඉඩ හරින්න.

දැන් එයට එකමුතුකම,ජාතින් අතර අන්‍යේන්‍ය අවබෝධය,ගෞරවය,සාධාරණත්වය එකතු කරමින් හොඳින් විනෝද වන්න.

සැ,.යු- සෑදීමට ගන්නා සියලුම අමු ද්‍රවය එක හා සමානව අවශ්‍යයි.එකක් පරයා තව එකක් වැඩි වුව හොත් රසයේ ලොකු වෙනසක් විය හැක.

2018 external pharmacy exam paper with answers

Ceylon Medical College Council Pharmacists' Examination (External) - November 2018 MCQ Paper : �� Exam Overview ●  Date : 17.11.2018 ● ...