වෛද්‍ය නිර්දේශ මත රෝගීන්ට ලබා දෙන ඖෂධයකි,වේදනා නාශකයකි.සාමාන්‍ය මට්ටමේ සිට මධ්‍යම මට්ටමේ වේදනා දක්වා පමණක් සමනය කිරීමේ හැකියාවක් දරයි.කැස්ස අඩු කිරීමේ හැකියාවකින්ද මෙය පොහොසත්ය.වෙනයම් ඖෂධ සමග මෙය ලබා දීමේ හැකියාවක් එනම් සංයෝග ආකාරයට නිශ්පාදනය වන බෙහෙත් අතර දැකිය හැකිය.
T3s, AC/DC, Coties
පෙති , කරල්, දියර (Syrup) යන ආකාරයන්ට.
ගිල දැමීම මගින් මුඛ මාර්ගයෙන් ලබා දිය හැකියි.
ඔව්,නිතර නිතර ඇබ්බැහි වීමකට ලක් වුවහොත් එයින් අතුරු විපාක රැසක් අත් විය හැකියි.ඒ අතර ප්‍රධාන වශයෙන් හුස්ම ගැනීමේ අපහසුතා,ගිලීමේ අපහසුතා,ප්‍රධානයි.පළු දැමීමක්,කැසීමක්,පෙනීමේ යම් යම් වෙනස්කම්,වලිප්පුව,හෘදයේ ස්පන්ධන වේගයේ වැඩිවීමක් වැනි දේ බලාපොරොත්තු විය හැකියි.
ඔක්කාර ගතිය,මළ බද්ධය,මානසික අසංතුලිත භාවය,ශ්වසන නාල වල සිදුවන අවහිරතාවයන් මත සිදුවන හුස්ම ගැනීමේ අපහසුතාවයන්,හුස්මගත නොහැකිම තත්වයන්,සිහිකල්පනාව අඩු වීම,ඉයුපෝරියා හෙවත් සතුට දනවන සිතුවිලි පහළ වීම.නිනද්‍රාශීලී බව ,මානසික ඒකාග්‍රතාවය ගිලිහී යාම, ඇසේ කළු ඉංගිරියාවේ කුඩා වීම,භෞතික ක්‍රියාකාරකම් වල සිදුවිය හැකි වෙනස්කම්,ආහාර රුචි අරුචි භාවයේ වෙනස්කම් ප්‍රධාන ලෙසම කිව හැකියි.