Friday, January 16, 2015

කලකට පසු නැවත ඔබ වෙත ලියමි.



..."දිගු නිහැඩීයාවක් රැකිම කල යුතුව තිබුණේ මා ද ඖෂධවේදය පිලිබඳ විභාගය සඳහා සූදානම් වෙමින් සිටි බැවිනි.දැන් සියල්ල අහවර වී ඇත.පුරා වසර හතරක කාලයක් ඒ වෙනුවෙන් පෙරුම් පිරූ මට අවසන් ඉලක්කය කරා ගමන් කොට විභාගය සමත් වී අද දින වරලත් ඖෂධවේදියකු ලෙස පුංචි දිවයිනට සේවය කරමින් සිටිමි…”
අද දින මා පුද්ගලික අංශයේ පිලිගත් ආයතනයක වරලත් ඖෂධවේදියකු ලෙස සේවයේ යෙදෙන්නේ ඉමහත් සතුටකිනි.
විෂයානුබද්ධ ලිපි පෙළක් මෙතෙක් ඔබ වෙත ගෙන ආ මම එහි ඉදිරි ගමන් මග තරමක් වෙනස් මගකට යොමු කර වීමට බලාපොරොත්තු වෙමි.
න්‍යායික කරුණු සහ විෂයානුබද්ධ කරුණු ප්‍රතිශතාත්මකව අඩු කර සරල මගක් වෙත යමින් වඩ වඩාත් සරල එහෙත් ප්‍රායෝගික මූලධර්ම මත පදනම් වූ එදිනෙදා ජන ජීවිතය ස්පර්ශ වන්නා වූ නැවුම් ලිපි පෙලකින් හැඩ ගන්වමින් යෙදෙන්නා වූ සංවාදයන් මෙයින් ඔබ වෙත ලඟා වනු ඇත.

ස්තුතියි..
ඊ.ඒ.එන්.චින්තක.